පැල්මඩුල්ලේදී මෛත්‍රීට ගල් ප්‍රහාර

 

 

 

stonesss

මේකද මහින්ද ගේ යහ පාලනය -මෛත්‍රීපාල ප්‍රශ්න  කරයි -ප්‍රකාශය පහතින්

පැල්මඩුල්ල නගරයේ අද (02) රාත්‍රී අටට පමණ  පැවති විපක‍ෂයේ පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවු ජන රැලියකට එල්ල කළ ගල් ප්‍රහාරවලින් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

සිද්ධිය ඇසින් දුටුවෙක්  lලංකාදීප වාර්තාකරුට විතර කරමින්:

‘මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතාකරන්න පටන් ගත්තා. ටිකවෙලාවක් යනකොට වේදිකාව පිටුපස පැත්තෙන් වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ලවුණා. ඒවා වේදිකාව ඉදිරියේ හිටපු මිනිස්සුගේ ඇඟේ වැදුනා. කිහිප දෙනෙකුට තුවාල වුණා. මහා කලබලයක් ඇතිවුණා. ආරක‍ෂක නිලධාරීන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා  ඉවතට එක්ක ගියා. පස්සේ රැස්වීමට ආපු මිනිස්සු ගල් ප්‍රහාරය එල්ලවු ගොඩනැගිල්ල දෙසට ගල් ගහන්න පටන් ගත්තා. එතන මහා කලබලයක්. හිතාගන්න බෑ  මොකද වුනේ කියලා. පොලිසිය මැදිහත් වෙලා තත්ත්වය සංසුන් කලා.‘

gal

 

 

තුවාල ලැබුවන් බොහෝ දෙනෙකු සීසීකඩ දිවගිය බව ඇසින් දුටුවෝ පැවසූහ. පාලනය කරගත නොහැකි වාතාවරණය හමුවේ රැස්වීමේ වැඩ ටිකවේලාවකට පසු නවතා දමනු ලැබිය.

සිරිසේන මහතා කතාව ඇරැඹීමත් සමඟ ඒ අසළ තිබූ   ගොඩනැගිල්ලක   සිට වේදිකාව දෙසට ගල් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

සිරිසේන මහතා ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇත. තමන්ගේ ආරක්ෂක නිලධාරීන් තමන් බේරා ගත නමුත් ඉදිරිපස සිටි ජනතාවට තුවාල වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

[vsw id=”/3thKab9DDoM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.