පිං අගමැති ගෙදර යවන බව පිං ඇමති දිලාන් කියයි

 

 

1578828945dilan1 (1)

 

 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ලබන 6 වනදා පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.වර්තමානයේ පවතින පිංආණ්ඩුව සහ පිං අගමැති ගෙදර යැවීම සදහා අවශ්‍ය තීරණ ගැනීම එදින සිදුවන බව එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඩිලාන් පෙරේරා ද මේ පිං ආණ්ඩුවේ ඇමති තනතුරක් දරන්නෙකි.

ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත මෙම හමුව සිදුවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.අපිට අවශ්‍ය වන්නේ මෛත්‍රී මහින්ද ආණ්ඩුවක් ලෙස මැයි පෙළපාලි ගියේද එම අවශ්‍යතාවය ඔස්සේ බව ඔහු සදහන්කරයි.

ජනතාවගේ ඉල්ලීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ලැබී ඇති බැවින් එම සාකච්ජාව අනිවාර්යයෙන්ම සිදුවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය. වර්තමානයේ පවතින පිංආණ්ඩුව සහ පිං අගමැති ගෙදර යැවීම සදහා අවශ්‍ය තීරණ ගැනීම එදින සිදුවන බව ඔහු පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන යන දේශපාලන හවුල නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කෙරෙන සාකච්ජා කිසිසේත්ම ඵලදායී නොවනු ඇති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කර සිටියි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.