පිකාසෝ ගේ අභිසරුලිය ඩොලර් මිලියන 142 කට

ලොව මෙතෙක් චිත්‍රයකට හිමි වූ වැඩිම මිල ඊයේ (11) ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියකදී වාර්තා වේ.  ලොව බිහිවු විශිෂ්ඨ චිත්‍ර ශිල්පියකු වන ස්පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝ 1954-1955 කාල සීමාවේදී සිදු කළ නිර්මාණයක් මෙසේ ඇමෙරිකානු ඩොලර් මිලියන 179කට (රුපියල් මිලියන 23807) කට අලෙවි වී තිබේ.‍ෙ

පිකාසෝ විසින් නිර්මාණය කර ඇති එම චිත්‍රය Women of Algiers නමින් නම් කර තිබේ. දුරකතනය මගින් වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කර ඇති පුද්ගලයකු විසින් එම නිර්මාණය මිලදී ගෙන තිබෙන අතර ඔහුගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බව වාර්තා වේ.

මීට පෙර චිත්‍රයක් ඉහළම මිලකට අලෙවි වීම වාර්තා වී ඇත්තේ 2013 වසරේදී වන අතර ඒ එංගලන්ත චිත්‍රශිල්පියෙකු වන ෆ්‍රැන්සිස් බාකෝන්ස් විසින් අඳින ලද Three Studies of Lucian Freud නම් සිතුවම ඇමෙරිකානු ඩොලර් මිලියන 142.4 (රුපියල් මිලියන 18939.2) කට අලෙවි කිරීමෙනි.

පැබ්ලෝ පිකාසෝගේ සිතුවම් නිර්මාණ ලොව දැඩි කතාබහට ලක්වී තිබෙන අතර ඊට හේතුව වී ඇත්තේ ඔහුගේ නිර්මාණ බොහෝමයක් ජ්‍යාමිතික හැඩතල භාවිතා කොට තිබීමයි. ඉහළම මිලකට අලෙවි වූ මෙම සිතුවමද එවැනි ආකාරයේ නිර්මාණයකි. මෙම සිතුවමේ තේමාව වී ඇත්තේ නගරයක ජීවත්වන අභිසරුලියක් බව ප්‍රකාශ වේ. පැබ්ලෝ පිකාසේ 1881 වසරේ ඔක්තෝබර් මස 25 දා ස්පාඤ්ඤයේ උපත ලබා ඇති අතර ඔහු මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ඨතම චිත්‍ර හා මූර්ති ශිල්පියකු බව අවිවාදයෙන් පිළිගනී. 1973 වසරේ අප්‍රේල් මස 8 වැනිදා ප්‍රංශයේදී සිය ජීවිත ගමන නිමා කරන විට 91 වැනි වියේ පසු වූ අතර ඔහු ගේ නිර්මාණයන් විශාල ප්‍රමාණයක් මීට පෙර ඉහළ මිල ගණන්වලට අලෙවි වී තිබේ.

 

pablo-pikaso-i (1)

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.