පිටිදූවේ සිරිධම්ම හිමියන්ට සැර අවවාදයක්

pitiduwe-siridhammaපසුගිය දිනවල කළ ප්‍රකාශවලදී තමා අතින් වරදක් සිදුවී නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව පිටිදූවේ සිරිධම්ම හිමියෝ මල්වතු මහ නා හිමි ඇතුළු හිමිවරුන් හමුවී ප්‍රකාශ කර සිටියහ.

යම් අයුරකින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශ්වයට යම් අපහසුතාවයක් ඇතිවුවානම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හා දිඹුලකුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු මල්වතු පාර්ශ්වීය කාරක සංඝ සභාව හමුවේ සිරිධම්ම හිමියෝ කියා සිටියහ.

මල්වතු පාර්ශ්වයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළැයි චෝදනා මත ඒ හිමියන් මල්වතු පාර්ශ්වයෙන් ඉවත් කිරීමට කාරක සංඝ සභාව අදහස් කරගෙන සිටි අතර සිරිධම්ම හිමියන් වාචිකව පමණක් සමාව ඉල්ලා මදි බැවින් එය ලිඛිතව ද සිදු කිරීමෙන් පසු අදාළ සමාව හිමිවිය.

මල්වතු මහ නාහිමියෝ එහිදී පවසා සිටියේ පළමු හා දෙවැනි වතාවේ සමාව දුන්නද තෙවැනි වර කිසිදු සමාවක් නොදෙන බවයි. එසේම පැවිදි ජිවිතය සාර්ථක කරගැනීමට අවවාද අනුශාසනා ලබාගන්නා ලෙසත් සිරිධම්ම හිමියන්ගේ ඉදිරි කටයුතු හා සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවීමට ආශිර්වාද කරන බවත් මල්වතු මහ නායක හිමියෝ පවසා සිටියහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.