‘පියාණනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. ‘ – නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට

TELEPHONE

 

‘පියාණනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. ඔබේ ප්‍රතිපත්තිවලට එරෙහිවූවා පමනි’ යන ශීර්ෂ පාඨය ඔස්සේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියා සිටී .

ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත්‍ර යාගේම නම ඇති මානව හිම්කම් නීති වේදී  නාමල් අජිත්  රාජපක්ෂ   සිය නමෙන් ප්‍රචාරක වාසියක් ගන්නා බව පෙනෙන්නට තිබේ.

 

නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පිවිසෙන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ කිරීමට නියමිතව සිටි ‘අපේ ජාතික පෙරමුණ’ යටතේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා හංසයා ලකුණ යටතේ තරඟ කරන බවට ස්ථිර කිරීමෙන් අනතුරුව නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබේ.

නාමල් රාජපක්ෂ මහතාගේ ඡන්ද ලකුණ වන්නේ මේස ටෙලිෆෝනයයි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.