පිල් පැනිලි

High-jump (1)

ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් 07 දෙනකු ළඟදීම විපක්‍ෂයට එක්‌වීමට නියමිතය.

මෙම මැති ඇමැතිවරුන් විපක්‍ෂයට එක්‌කර ගැනීම සඳහා මේ වන විට මූලික සාකච්ඡා වට දෙකක්‌ පවත්වා ඇතැයි හිටපු ඇමැති ටී. බී. ඒකනායකමහතා  පැවැසීය. එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය නිසා දැඩි කලකිරීමට පත්ව සිටින මෙම පිරිස තවදුරටත් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියහොත් පක්‍ෂයට හා රටට විශාල ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බව පවසන බව ඒකනායක මහතා පැවැසීය.

වත්මන් ආණ්‌ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර ලබන කිහිපදෙනකුද මේ පිරිස අතර සිටින බව කී ඇමැතිවරයා ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු විය හැකි බැවින් අවසන් මොහොත දක්‌වාම නම් හෙළි කිරීමෙන් වැළකී සිටින බවද කීය.

විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුද මෙම සාකච්ඡාවට එක්‌ව සිටින නිසා සාකච්ඡා සාර්ථක වුවහොත් මහ මැතිවරණයට පෙර ඔවුන් විපක්‍ෂයට එක්‌වනු ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දෙනවාට තමා විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හිරු රූපවාරිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.

‘ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නෑ. ඔහු බලයට එන්න සුදුසු නෑ. ‘ යැයි නානායක්කාර මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය කොටස්‌ වශයෙන් තොරව එකම දිනක රටම නියෝජනය වන සේ පවත්වන බව රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා කියා සිටී.

කොටස්‌වලට කඩා මැතිවරණ න්‍යාය පත්‍රය විකෘති කිරීමට නැවත ඉඩ නොතබන බවත් කොට්‌ඨාස ක්‍රමය අනුව පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් ඇමැතිවරයා කියා සිටියේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පළාත් පාලන ආයතන 110 ක්‌ සඳහා නව බැකෝ යන්ත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් පෙරේදා (23 වැනිදා) පැවැති උත්සවයේදීය.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.