පිල් මාරු කිරීම් රැසක්-අනාවැකිය ඩිව් ගෙන්

 

DSC05704

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසන්නේ ලංකා ඉතිහාසයේ නොවූ විරූ ආකාරයෙන් පිල් මාරු කිරීම් රැසක් සිදු වීමට යන බවයි.

දැනට ලැබෙන අරෝචි අනුව වැඩිදෙනා සැලූන් දොරින් පිටතට පැමිණ හංසකරණයේ යෙදීමට නියමිතයි.

එම පිල් මාරු කිරීමේ අවසානය කොතනක දැයි තමන්ට සිතාගත නොහැකි බව අමාත්‍යවරයා  ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් සභා සහ නගර සභා මන්ත‍්‍රීවරුන් පිල් මාරුකරතත් ඡන්දදායකයන්ගේ ස්ථාවරය වෙනස් නොවන බවයි හැටන් නගරසභා ශාලාවේ පැවති  රැස්වීමේදී කියවුණේ.

මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට  පැවති රැස්වීම්කදී ගුණසේකර අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය බරපතල බව මාධ්‍ය ක්ෂේත්‍රයේ කතා බහට ලක්වී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.