පිළියන්දල කුඩු රජවරු පොළිස් ජීවිතයක් බිළිගනිති

shootingපිළියන්දල නගරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉලක්ක කර ඊයේ රාත‍්‍රි 8.30ට පමණ සිදු කෙරුණු වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 06දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් තිදෙනෙකු ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා මෙහෙයුමක් සිදු කිරීමට සූදානමින් සිටිය දීමෙම පොලිස් කණ්ඩායමට වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදිවලින් ගමන් කළ සන්නද්ධ අපරාධ කණ්ඩායමක් විසිනි.

පොලිස් පරීක්ෂක රංගජීව

මෙම ප්‍රහාරයේ ඉලක්කය පොලිස් පරීක්ෂක රංගජීව බව සැලකේ.

මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් පසුවන රංගජීව කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ හිසට සහ උදරයට වෙඩි වැදී තිබේ.

IP රංගජීව යනු පසුගිය රජය සමයේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිළධාරියෙකි. එසේම වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සිටි බව ද වාර්තා වේ.

මෙවැනි පසුබිමක් තුළ IP රංගජීව ඇතුළු පිරිසට මහමගදී වෙඩිවැදීම පිලිබඳව බරපතල සැකයක් මතුවේ. වැලිකඩ ඝාතනය පිටුපස සිටි සහ ඒ සඳහා අනුබල දුන් දේශපාලනඥයන් සහ එවක රජයේ ප්‍රබලයන් බේරාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සාධාරණ සැකයක් පවතී. එයට හේතුවෙ ඉතිහාසය පුරා මෙවැනි අපරාධ සම්බන්ධයෙන් සැකයට භාජනය වූ සහ අපරාධවල සාක්ෂිකරුවන් හදිසියේ මියයාමේ සිදුවීම් විටින් විට වාර්තා වන බැවිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.