පුංචි ඡන්දයේ ලග්න පලාපල

mahinda-maithi-ranilපුංචි ඡන්දයේ ප්‍රතිපලය ප්‍රාදේශීය පරිපාලනයට දක්වන බලපෑමට වඩා මහ ආණ්ඩුවේ බල තුලනයට බෙහෙවින්ම බලපාන බවට සැකයක් නොමැත. සම්මුතිවාදී ආණ්ඩු පරිපාලනයක් පවතින හෙයින් බලතුලනයට මෙම ඡන්ද ප්‍ර ප්‍රතිඵලය බෙහෙවින්ම බලපානු ඇත.

අනෙක් අතට පෙර පැවති පක්ෂවලට වඩා ඒකාබද්ධ විපක්ෂයට සෑහෙන් තරම් කේවලකාරී බලයක් ඇත එසේම කිසිදු පක්ෂයට ඒකාකාධිකාරි බලයක් නොමැති වීමත් මෙම පුංචි ඡන්දයේ ප්‍රතිඵලය තීරණාත්මක තීරණාත්මක එකක් බවට පත් කිරීමට හේතුවෙයි.

මේ පසුබිම යටතේ ්‍රධාන පෙළේ නායකයින් සිව් දෙනෙකුට මෙම ඡන්ද ප්‍රතිඵලය බලපාන ආකාරය පිළිබඳව දේශපාලන කේන්දරයක් විමසා බැලුවෙමු

මෛත්‍රීපාල සිරිසේන- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අඩු චන්ද සංඛ්යාවක් ලැබුණහොත් දෙයාකාරයක ප්‍රතිඵල ඇතිවිය හැකිය පළමුකොට විධායක ජනාධිපති බලය තිබුණත් දුර්වල ආණ්ඩුකරනයක නිරතව වීමට සිදු විය හැකිය. අනෙක් අතට මෙම දුර්වල කම නිසාම අලුත් බල ගොනුවක් ගොඩනැගීමේ උනන්දුවක් ඇති විය හැකිය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ තෝරාගත් කොටස් කීපයක් ඒකාබද්ධ විපක්ෂයේ තෝරාගත් කීපදෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් එක්කරගෙන විධායක ජනාධිපති බලයත් උපයෝගී කරගෙන අලුත් ආණ්ඩුවක් ගොඩ ගොඩ නැඟීමට ෛත්‍රිපාල සිරිසේන මහතාට කටයුතු කළ හැකිය .මෙම බලා ගොනුව රනිල් වික්‍රමසිංහ ට අභියෝගයක් වන්ය් ඇත.

රනිල් වික්‍රමසිංහ -එක්සත් ජාතික පක්ෂයට සෑහෙන තරම් ඡන්ද සංඛ්‍යාවක් ලැබුණහොත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙලහීන කරගනිමින් මේ සම්මම්මුතිවාදී ආණ්ඩුක්‍රමය ඉදිරියට ගෙන යෑමට කටයුතු කළ හැකිය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතාගේ උපක්‍රමික සහයෝගය ලබාගෙන තනි ආණ්ඩුවක් ලෙස කටයුතු කළ හැකිය. කවර ක්‍රියා ක්‍රියා මාර්ගයක් ගත්තත් ඉදිරියට එන මහ මැතිවරණයේදී සහ ජනාධිපතිවරණෙදි තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වීමේ අභිලාෂයෙන් කටයුතු කළ හැකිය.

මහින්ද රාජපක්ෂ – මැතිවරණයේදී පොහොට්ටුව සෑහෙන තරම් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා බවක් පෙනෙන්නට ඇත. මෙම ඡන්ද බලය උපයෝගී කරගෙන මුහුණ පෑමට සිදුවී තිබෙන නඩුහබ ආදිය විසඳා ගැනීමට කටයුතු කළ හැකිය. අනෙක් අතට සිරිසේන මහතාගේ බලපෑම අඩු කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමටත් කටයුතු කළ හැකිය. එසේම රනිල්රනිල් වික්‍රමසිංහ ‍ආණ්ඩුවට උපක්‍රමික සහයෝගය ලබාදෙමින් තමන්ගේ ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වීම්ටත් කටයුතු කළ හැකිය

අනුර කුමාර දිසානායක -ජනතා විමුක්ති පෙරමුණට සාමාන්‍ය ලැබෙන්නේ සියයට හතරක හෝ පහක තරම් ඡන්ද ප්‍රමාණයකි.ප්‍රධාන පක්ෂ කෙරේ පවතින කලකිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට සියයට හතක් හෝ අටක ඡන්ද ප්‍රමාණයක් ලැබීමට ඉඩ ඇත. මේ හේතුවෙන් එක් තැන් කර ගන්නා බලය උපයෝගී කරගනිමින් ශක්තිමත් විපක්ෂයක්ක් බවට පත්වීමේ හැකියාව ජනතාව විමුක්ති පෙරමුණට ලැබෙනු ඇත. තමන් සතු බලය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට හිතවාදී ලෙස හැසිරවීම්ට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරීමට ඉඩ ඇත.ඊට බලපාන ප්‍රධාන හේතුව වන්නේ තමන්ගේ දේශපාලනය කිරීම සඳහා වඩා නිදහස්් අවකාශයක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් ලැබෙන බව විශ්වාස කරන හෙයිනි.

සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, සහ රාජිත සේනාරත්න ගේ දේශපාලන භූමිකා කෙරේත් මෙම ඡන්ද ප්‍රතිපලය බලපානු ඇත.ඉදිරියේ ඇතිවෙන තත්වයන් ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමට මේ තිදෙනාම කටයුතු කරනු ඇත.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ජී එල් පීරිස් තවදුරටත් විහිළු සපයනු ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තිරයෙන් පිටුපස සිට මෙහෙයුම් කරනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.