පුබුදින මල් පොහොට්ටුව

ඒකාබද්ධ විපක්ෂය නව පක්ෂයක් පිහිටුවීම සම්බන්දයෙන් අවසන් සාකච්චාව ඊයේ (8) මිරිහානේ පිහිටි මහින්ද මහතාගේ නිවසේදී එතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුනි.
මේ සදහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා හිටපු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගී වුහ.
Mahinda-Rajapaksa (1)

ආරංචි මාර්ග පවසන අන්දමට මෙහෙදී නව පක්ෂයේ කාර්යාලය නිලධාරි මණ්ඩලය පිලිඹද අවසන් තීරණය ගෙන ඇති අතර පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා බාර ගතයුතු බව ඒකමතිකව තීරණය වී ඇත.
පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කල අතර සම්මුති ආණ්ඩුව පිහිටුවීමත් සමග සන්දානයේ මෙම පිරිස මහින්ද රාජපක්ෂ මහතාට වෙනුවෙන් තව දුරටත් පෙනී සිටිමින් ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටියහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.