පෙරළිකාර හාමුදුරුවන් ගෙන් පොලිස් අනුරුවට ගිනි

batticaloමඩකලපුව පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තමන්ගෙන් ඉතාම අමානුෂික ආකාරයට පලි ගන්නා බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ. උන් වහන්සේ එසේ පැවසුවේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් කිහිප දෙනකු අවස්ථා කිහිපයදී බීමත්ව සිටියටදි හසු වුණා. මේ ගැන පොලිසියට පැමිණිලි කළාම ඒවාට නීතිය ක්‍රියාත්මක නොකර මඩකලපුව අධිකරණයේ මට විරුද්ධව නඩු තුනක් පවරලා තියෙනවා. මේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ආපු දවසේ ඉඳන් මට හිරිහැර කරනවා . මේ ගැන මම ඉහළ පොලිස් නිලධාරින්ට දැනුම් දුන්නා. ඒකට නිසි අයුරින් කටයුතු කරන්නේ නැත්නම් මෙයට අපි විරෝධය පල කරනවා “යැයි ඒ හිමියෝ පැවසූහ.

මාධ්‍ය අවධානය ගැනීමට දක්ෂ සුමනරතන හිමියන් පොලිස් නිලධාරියකුගේ අනුරුවක්ද විසින් ගිනි තැබුහ. මීට පෙරත් සුමනරතන හිමියන් පොලිස් නිලධාරීන්ට සහ පරිපාලන නිලධාරීන්ට දැඩි ලෙස අභියෝග කර ඇත. lankanewsline ඇමතු පොලිස් නිලධාරියෙක් පැවසුවේ දිගින් දිගටම එල්ල වෙන අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් තමන් අසරණ වී ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.