පෙර ආණ්ඩුවේ හිතවතුන් කැඳවා මේ ආණ්ඩුවේ හිතවතුන් යවනවාද?

mangala-and-mahinda-

පසුගිය ආන්ඩුව සමයේ පත් කරන ලද විදේශ රටවල ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 57 දෙනෙකු ආපසු කැදවා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යශයේ ලේකම්වරිය විසින් ලිඛිතව දන්වා ඇත්තේ ලබන පෙබරවාරි 28 වැනිදාට පෙර ආපසු දිවයිනට පැමිණෙන ලෙසයි.

මේ අතරවාරේ කැඳවනු ලබන පිරිස් වෙනුවට යවන්නේ කව්ද යන ප්‍රශ්නය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු කාලය එළඹ ඇතැයි විදේශ සේවාවේ නිලධාරීන් පෙන්වා දෙති. මීට පෙරත් විදේශ සේවාවට බැහැරින් පත්වීම් කෙරුනත් එහි යම් කිසි පාලනයක් තිබුණි. එහෙත් මහින්ද රාජපක්ෂ  සමයේ  විදෙස් රටවල ශ‍්‍රී  ලාංකික දුත මණ්ඩල 54ක තානාපතිවරුන් හා මහකොමසාරිවරුන් ලෙස පත් කෙරුණු පිරිස අතරින් ශ‍්‍රී ලංකා විදේශ සේවයේ සිටියේ 10කටත් අඩු පිරිසකි.

එමෙන්ම තානාපති කාර්යාල වල තනතුරු සඳහා ඇමතිවරුන් ගේ දු පුතුන් පත් කල අවස්ථා රැසක් විය.

නව  රජයේ කාන්තා කටයුතු ඇමතිනිය වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විපක්ෂයේ සිටියදී එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක ගේ මාර්ගයෙන් ඇගේ පුතාට

විදේශ සේවාවේ පත්වීමක් ලබා දුන් බව වාර්තා විය. චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ගේ පුතා වන රුක්ෂාන් ජයසිංහ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරයි. ඔහුව ආපසු ගෙන්වා ගැනීමට නව විදේශ  ඇමති මංගල  සමරවීරට කොන්දක් තිබේද යන ප්‍රශ්නයත් මතුවී තිබේ.

විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ  දේශපාලන හිතවත්කම් මත පත්කරනු ලැබු පහත නම් සඳහන් පිරිස යලි කැඳවා ඇති බවයි.

ඒ අනුව නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා  නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන, එහි නියෝජ්‍ය නිත්‍ය  නියෝජිත ශවේන්ද්‍ර සිල්වා, තුර්කියේ ශ‍්‍රී ලංකා තානාප භාරතී විජේරත්න, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ,  ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් තිසර සමරසිංහ, ස්වීඩනයේ ශ‍්‍රී ලංකා තානාපති  ඕෂධී අලහප්පෙරුම, මාලදිවයින ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ඩික්සන් දෑල, ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය කරූ හගවත්ත, ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති ඩොනල්ඞ් පෙරේරා, තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ශාන්ත කෝට්ටේගොඩ ,සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ෆේරියල් අෂ්රෆ්  යන මහත්ම මහත්මීහු ද වෙති.

මේ පිරිසට අමතරව විදෙස් රටවල ශ‍්‍රී ලංකා දුත මණ්ඩලවලට දේශපාලන පත්විම් ලැබූ අමාත්‍ය උපදේශකවරුන් සහ දෙවන ලේකම්වරුන්ද ආපසු කැදවා ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.