පේරාදෙණියෙන් හසුවූ ව්‍යාජ ඩොලර් ජාවාරම

fake dollarsඅමෙරිකානු ඩොලර් ව්‍යාජ ලෙස සැකසීමට ගන්න ගන්නා කළු පැහැති මුදල් නෝට්ටු කොළ 7500ක් සමග සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (06) පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

වාර්තා වන පරිදි අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මොවුන් කළු පැහැති මුදල් නෝට්ටු කොළ රසායනාගාරයකින් පිරිසිදු කිරීමට රැගෙන යමින් සිට ඇති අතර පේරාදෙණිය තානායම අසළ දී මෝටර් රථ දෙකකින් ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මොවුන් ගලගෙදර, මහනුවර, පිළිමතලාව, රජවැල්ල හා අමුණුගම යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

සැකකරුවන් ඊයේ මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.