පේරාදෙණිය ළමා රෝහලේ දොස්තර සයිස් ගුටි කෙළියක්

doctors fightපේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා හා එම රෝහලේ  විශේෂඥ වෛද්‍යවරයකු පෙරේදා (27) පස්වරු 6.00 ට පමණ ගුටි කෙළියක පැටලී ඇති ආකාරය පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ. ගුටි ඇණගත් පසු  සිද්ධිය පිළිබදව දෙදෙනාම පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ. ගුටි කෙළියට හේතු වී ඇත්තේ රෝහල්   රථ ගාලේ වාහනය නවතා තැබීමේදී ඇතිවූ ඉඩ කඩ පිළිබද ඉතා සුලු ප්‍රශ්නයකි.

ළමා රෝහලේ රථගාලේ වාහන නතර කිරීමේදී එක් වෛද්‍යවරයකුගේ මෝටර් රථය මගින් අනෙක් වෛද්‍යවරයාගේ මෝටර් රථය අවහිර  වී ඇත. මේ සිද්ධිය මත දෙදෙනා බහින්බස් වී තිබේ. ඒ බහින්බස් වීම ගුටි කෙළියක් දක්වා දුරදිග ගොස් ඇත. අනතුරුව දෙදෙනාම තමන්ගේ රාජකාරිය පසෙක දමා පේරාදෙණිය පොලිසිය වෙත දිව ගොස් වෙන වෙනම පැමිණිලි දෙකක් දමා තිබේ.

මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීම පිණිස සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ සෞඛ්‍යය සේවා නියෝජ්‍යය අධ්‍යක්ෂවරයකු ඊයේ (29) පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට පැමිණ ඇත.

සිද්ධිය පිළිබද පේරාදෙණිය පොලිසිය මගින් වෙනම පරීක්ෂණ පැවැත්වෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.