පේරාදෙණි උපන් දින මතකයක්

පේරාදෙණියේ මල් …!

940930_10201190332226988_1127759713_n

 

පේරාදෙණිය ඉතා අපූරු බිම් කඩකි. එහි වැවෙන ගහකොළට ද අපූරු අනන්‍යතාවයක් තිබේ. ලොජ් එක ළඟ ඇති කිරිපළු ගස අරුණු ඉරුරැසින් ළෙලෙනු දැක එතැනින් හිස නොඋස්වා යයි නම් ඒ හැබෑ අවාසනාවන්තයෙකු මිස අනෙකෙකු නොවේ.

එක් එක් ගසක් යට එක් එක් බංකුවක එක් එක් ආපන ශාලාවක එක් එක් අඳුරු මුල්ලක ඇතිවී නැති වූ කතා සත් මහල් පේරාදෙණිය පුස්තකාලයේ දුලබ පොත් අතර හෝ හොයා ගතනොහැකි තරම් අපූරු එවා වෙන්නට ඇත. සංඝමිත්තා කන්ද නැගී පොකුරු කාමර අසළපෙම්වතිය එන තෙක් රැඳෙමින් ‘හරි ප්‍රසාද් චෞරාසියා’ අසමින් සිටීම චමත්කාර ජනකක්‍රියාවකි.

මහපොළ ලැබී ටික දිනකින් ජීවිතයේ චමත්කාරය තුරන් වෙයි. ඉදිරි දින ගෙවීම බියජනකහීනයක් වෙයි. දේශන ශාලා එපා වී යයි. එවන් කළෙක ශේෂ පත්‍රයේ ඉතිරි එකම දෙයප්‍රේමය පමණක් වෙයි. නමුත්, පෙබරවාරි මාසයේ ළිං-ගෙය අසලින් ගලන දියත්ත තරම්තුනී ආර්ථිකය ‘ප්‍රේමයෙන් මන රංජිත’ වීමට සුදුසු අවකාශ සීමිත කරයි.

පේරාදෙණියේ අපූරු සංස්කෘතියක් ඇතත් එය අන් අයුරකින් සංස්කෘතික කතරක් වන්නේපිට ලෝකය හා ඇති සීමිත සම්බන්ධතාවය නිසාය.

 

 

 

ජූලි මාසය එළැඹෙන්නේ අභියෝගයක් සමගිනි. අපේ උන්දෑගේ උපන්දිනයට ඇය එතෙක්නොකියවූ හා කියවීමට ප්‍රිය කරන පොතක් හොයා ගැනීම ඒ අභියෝගයයි. පසුව මතවාදීගැටුම් නිසා ප්‍රිය සංවාද වාද විවාද බවට පත් නොකරන පොතක් සොයා ගැනීමයි.

නුවර ටවුමේ සීවලී පොත් හලේ රැවුළ් අයියා අප හා මිතුරු වන්නේ මේ නිසා ය. ඔහුට පොත්හලේ ගබඩා කාමරවල අහු මුළු වල සැඟවී ඇති සමහර පොත් සොයා රැවුළේ මකුළු දැල්දවටා ගැනීමට සිදු වේ. ඒවායේ මහ ලාබයක් නැතත් ඔහු සමහර පොත් අප උදෙසා සොයාතබයි. හරියට කෝවිල ළඟ ශෛව අවන්හලේ අයකැමියා මෙනි. ඔහු ද්‍රවිඩ රසවතියේ ඉසව්අපට කියා දෙයි. තෝසේ ද ඉඩ්ලි ද උප්මා ද ගැන කරුණු පහදයි.

1997 අපේ උන්දෑගේ උපන්දිනයට දෙන්න තෑගගක් සොයමින් වෙහෙසෙන විට මට ‘අපූරු’අදහසක් පහළ විය. පේරාදෙණියට පැමිණි බොහෝ තරුණයින් තම පෙම්වතියන් උදෙසා’පෙර නුවූ විරූ’ යමක් කිරීමට උත්සාහ නොකළේ යැයිකෙසේ සිතන්නද? මම කෘෂි පීඨයෙන්පිටව සෙමින් සෙමින් ඇවිද ගියෙමි. උඩ බැලූ කල මල් නැති ජූලි මාසයේ බිම මල් පිපී ඇත[සයිමා ගේ කහ රොබරෝසියා ගස පමණක් මල් නොවරයි].

‘අපාය කැන්ටිම’ පසු කර යන විට මොණර පිල් වැනි තෘණ මලින් පොළව හැසී ගැවසීගොසිනි. තව ටිකක් දුර ‘වුස්ක් වල’ පැත්තට යනවිට බුරුසු වැනි තණකොළ මලක් හමුවෙයි. තවත් දුර යනවිට ‘වීරසූරිය ස්මාරකයෙන්’ ඔබ්බෙහි ‘හිල්ඩා උද්‍යානය’ අසල දම්පැහැති පිහාටු වන් තණ මලකි. ‘වල’ පසෙක ඊතණ පඳුරකි. හා පිට්ටනියෙන් කඩා ගත් නමනොදන්නා අපූරු හැඩයකින් යුත් වල් මල් කිහිපයද එක්කර මගේ අපූරු ‘වල් පොකුර’ නිමකළෙමි.

කාටත් හොරෙන් තනා ගත් මගේ ‘වල් පොකුර’ රැගෙන පහුවෙනිදා උදයේ සංඝමිත්තාපඩිපෙළ අසළ රැක හුන්නෙමි. ‘ඇය’ මිතුරියන් හා පඩිපෙළ බැස එන්නීය. මගේ හද සැලෙයි.මේ කෙල්ලන් රංචුව ඉදිරියේ වල් පොකුරක් දීම නොහොබනේ යැයි මගේ සිත මට කියයි.

සුබ උපන්දිනයක්.. !

මොකුත් නොදූන්නත් හිනාවෙන අපේ උන්දෑ; වල් පොකුර දෝතින්ම වඩාගෙන ‘ඉස්තුතිය්’කීවාය. ඒ උන්දෑගේ හැටිය. අවුරුදු විස්සක් තිස්සේ සුබ උපන් දින ගෙවී ගොසිනි. හිසෙහි නර නැගේ. අපි අපේ සිහිනයට ළඟා වෙමින් ඉන්නෙමු.

සුබ උපන් දිනයක්……………..!

 

 

[vsw id=”/4pd8fvJTaXs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.