පේරා කුරුටු ගී

 

 

මේ ගී ලියවෙන්නේ දේශන ශාලාවක,පොත්ගුලේ පුටු ඇන්දක,මේසයක,බිත්තියක,නේවාසිකාගාරයේ බිත්තියක,කැන්ටිමේ මේසයක නැතිනම් වැසිකිළි බිත්තියක

 

 

වැදුනත් හිසට හෙන
දත්ටික ඇතොත් නිසි තැන
නොතකා හෙනය ගැන
සිනා සෙන් උඩ පැන පැන

 

සිරිපාලගේ දේශනාව
අපට හරිම වේදනාව
කිමද ඊට කාරණාව
මාජි ගැනැයි කල්පනාව

 

සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා බුට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට

ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා
වෙනදා වගේ සවසට වැසි නොවැටේවා
මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා
ප්රවීනතා පරතිඵල පිට නොවේවා

 

ගුණයේ ගුණය අගුණය අගුණය ගුණය
ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය
මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
මට දුක නුඹට ඒ පින නැති එක ගැනය

 වාද විවාද කරගන්න කුරුටු ගීත විශේෂයකුත් මේ අතර වෙනවා.බොහෝ විට පුස්තකාලයේ හෝ කියවීම් ශාලාවක් තුලින් මේවා බිහිවෙනවා.කෙනෙක් ලියු අදහසක් තවත් කෙනෙක් පිළිතුරක් විදිහට ලියා යාමයි මේකෙන් සිදුවෙන්නේ.ඒ වගේම සිව් පද රටාව,දෙපද රටාවට ලියවෙච්ච කුරුටු ගීතත් තියනවා.සමහරවිට සම්මත නීති රීති රටාවට වහල් නොවී නිසදැස් ආර වගේ වෙනත් කෝණයන්ගෙන් මේ ගීත ලියවෙනවා.ඇතැම් විට ඒවා සාහිත්‍යමය නොවී ගතානුගතික වීමක්ද දකින්න පුළුවන්

 

 

නරියා හූ කියයි ඩිග්රිය උෳට නැත
එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික මිසක ඩිග්රිය නම් වැඩක් නැත

 

පෙම් කරනා හැටි මා හට
කියා දුන්නේ ඔබයි සොඳුර
එසේ නමුත් ඔබ තවමත්
කියා දුන්නේ නැහැ නොවේද
ඉන් ගැලවෙන අන්දම ගැන

 

සීමා මායිම් නොමැති අන්තර්ජාල බ්ලොග් අවකාශයට අලුතින් එකතු වෙන මට මුලින්ම ලියන්නට සිතුවේ ස්වයං නිර්මාණයක් නොව මා දුටු ඇලුම් කළ රසවත් නිර්මිත පෙළකි.
 
මුල් කතෘ නිර්නාමික ද, නිර්මාණ පොදු නිසාද ඊටත් වඩා මෙම කුරුටු ගීත සීගිරි ගී මෙන් ප්‍රසිද්ධ විවෘත නිර්මාණ නොවන හෙයින්ද මේවා දැකීම විරළය. සන්දර්භයන් අව්‍යාජ නිර්මාණශීලී අනන්‍ය සහ යථාර්ත නිමැවුම් වේ. මෙමගින් විවිධ සමාජ සහ මානසික මට්ටම් වල සෙවනැල්ලක් ඔබට දැක ගත හැකි වනු ඇත.

පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා

දේෂන මොටද මතකයේ රදවන්න බැරි
සටහන් මොටද කියවා නිමවන්න බැරි
බුද්ධිය මොටද සත්‍ය ජයගන්න බැරි
ඩිග්‍රීය මොටද රක්ෂාවක් ගන්න බැරි

සිහිනෙන් පවා මගේ සුඛ විහරනය                  පැතූ
අම්මා දනී නම් මේ සරසවියේ                          තතූ
වර බොල කොලුවෝ යයි දෙනතින් කදුලු        යුතූ
ගෙන ගොස් බොහෝ කල් මේ දුක් විදින         පුතූ

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය

අනේ සුසානෝ ඉස්සර වාසිටියේ

මේසෙට කෑම ඇරලලු දීලා හිටියේ

අළුතින් හිලක් විදලා ඉනවට පටියේ

බඩ තද කර ගනිං හොඳ හැටි කිටි කිටියේ

 

 

 

නෑවත් වතුර මල යට හිඳ නල වතුර

තාමත් සිතින් කිමිදෙමි ගඟ දිය වතුර

කැම්පස් කැන්ටිමේ බත හරි මිතුර

තාමත් සිහිවෙතිය පෙර කෑ අල බතල

 

විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
කෑවද බීවාද අසමින් නිති සෑමා
යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා
මිතුදම් එකට බැඳි විලසට රන් දාමා
මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.