පොරොන්දු ඉටු නොකර කාලය දික් කර ගත හැකිද?

downloadranmmiil

අළුත් ආණ්ඩුවේ ආයුෂ දික්වෙන බවක් පෙනෙන්ට තිබේ.

ශ්‍රිලනිපයේ බහුතරය මැතිවරණයකට නොගොස් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා එකඟතාවය පළකර ඇති බව අනාවරණය වේ. මෙම එකඟතාවය ඇති වී තිබෙන්නේ පසුගියදා ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම සමඟ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවැත්වූ දෙදින වැඩමුළුවේදී බව වාර්තා වේ. ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වී තිබේ.

එහිදී එජාපයට ඇමතිධූර 30ක් හා ශ්‍රිලනිපයට ඇමතිධූර 15ක්ද නියෝජ්‍ය ඇමතිධූර 55ක් ලෙස සංයුතියක් ඇති කළයුතු බවටත් දින 100 වැඩපිළිවෙල දින 180ක් දක්වා දීර්ඝ කිරීමටත් යෝජනා වූ බව අනාවරණය වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට එය සංශෝධනය කර පවත්වාගෙන යා යුතු බවටත් මැතිවරණය ක්‍රමය වෙනස් කිරීම පිළිබඳවත් සාකච්ඡා කළ බවත් පැවසේ.

ජනතා විමුක්ති පෙරමුණ වේගයෙන් ගොඩ නැගෙමින් පවතින අතර  එහි ප්‍රතිපලය ලබා ගැනීම සඳහා තවත් ටික කාලයක් අවශ්‍ය හෙයින් ඒ පාර්ශවයෙන් ද විරෝධයක් පැන නොනැගීමට ඉඩ ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන්ම කියා සිටීයේ ජාතික සමගි ආණ්ඩුවක් අවම වශයෙන් අවුරුදු දෙකක් වත් පැවතිය යුතු බවයි.දැන් ඔහුට ඉල්ලන දේ ලැබී තිබේ.කළ යුතුව තිබෙන්නේ පක්ෂය හැරදා ගිය කීප  දෙනෙක් යළිත්  මෙහා පැත්තට ගෙන්වා ගැනීම පමණි.නාම යෝජනා ලබදෙනවා නම් එක්සත් ජාතික පක්ෂ පිළට

එක්වීමට කැමැති අය සොයා ගැනීම එතරම් අසීරු නොවනු ඇත.

දෙමළ  ජාතික සන්ධානයට හෝ මුස්ලිම් කොන්ග්‍රසයට බෝට්ටුව සෙලවීමෙන් ලබාගත හැකි වාසියක් නැත.

downloadsobithaaa

එහෙත් එසේ වූ පමණින් විවිධ දේ කියමින් කාලය ගත කිරීමේ හැකියාව මේ පිරිසට ලැබනේ නැත.

පාර්ලිමේන්තුවේ ආයු කාලය පුර්ණ වශයෙන් භුක්ති විඳීමට නම් ජනතාවට දුන් පොරොන්දු ඉටු විය යුතුව ඇත.

මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රධාන පිරිස නගන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිතවරණ ක්‍රමය වෙනස් කිරීම නොතකා හැරිය හොත්  බරපතල වන්දියක් ගෙවීමට  ආණ්ඩුවටත් විපක්ෂයටත් සිදුවෙනු ඇත.

the government may extend its life span

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.