පොරොන්දු කඩ කරමින් රනිල් කොළඹ වරාය නගරයට එකඟ වෙයි.

 

 

download (89)

මැතිවරණ සමයේදී තමන් බලයට පත්වූ පසු නතර කරන බව කිවූ කොළොඹ වරාය නගරයේ ඉදිකිරීම් දිගටම කරගෙන යන බව  ආණ්ඩුව දැන් කියා සිටී.

චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘ මෙමපෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික තත්ත්ව සහතික වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 

මේ තීරණය පිළබඳව පරිසරවේදීන් ගෙන් දැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ ඇත. මෙම පාරිසරික වාර්තාව ජනතාව වෙත ඉදරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමකි.මෙවැනි මහාපරිමාණ වියාපෘති කිරීමේදී දුෂණ සිදුවූ බවත් ඒ ගැන හොයා බලන බවත් අගමැතිවරයා කියා සිටියේය. පවතින තත්වය යටතේ එවැන්නක්  සිදුවේද යන්න සැක  සහිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන මාර්තු මාසයේදී චීනයේ සංචාරයක නිරතවීමටද අපේක්ෂා කරන බව ද කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා  කියා සිටී.

මුහුද ගොඩකර

images (54)

‘කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ යනුවෙන් මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සංදේශයක් (කැබිනට් පත‍්‍රිකාවක්) ඉදිරිපත් කරන ලද අතර  දැනට චීනයට පවරා ඇති කොළඹ දකුණු වරාය දියකඩනය සමීපයෙන් ගාලූමුවදොර පිටිය දෙසට වන්නට හෙක්ටයාර 233ක හෙවත් අක්කර 575කට මඳක් වැඩි භූමි ප‍්‍රමාණයක් ඒ යටතේ මුහුද ගොඩකර මේ නගරය ඉදිකිරීමට නියමිතය.

එය සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ  ආදී අංගෝපාංගයන්ගෙන් සමන්විතය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවධානය යොමු කිරීමේදී පෙනීයන්නේ හෙක්ටයාර 233ක් වූ මුළු භූමි ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 170ක් විකිණිය හැකි ඉඩම් ලෙස හඳුනාගෙන තිබීමත්, ඉතිරි හෙක්ටයාර 63ක ප‍්‍රමාණය පොදු පහසුකම් යටතේ ජල තීරුවලට, මාවත්වලට හා උද්‍යාන සඳහා වෙන්කර ඇති බවත් සඳහන්ය.

ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් ව්‍යාපෘති යෝජකයා වන සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම විසින් දරන අතර එම මුදල පියවා ගැනීම සඳහා චීනයට හෙක්ටයාර 108ක ප‍්‍රමාණයක් ලබාදීමට නියමිතය. මේ එක් හෙක්ටයාරයක භූමි ප‍්‍රමාණයක් ඇමරිකානු ඩොලර් මිලියන 24කට ඇස්තමේන්තු ගතකර ඇති අතර ලබාදෙන ඉඩම් ප‍්‍රමාණයෙන් ආයෝජනයට අදාළ ණය මුදල පියවා ගැනීම, අලෙවි ප‍්‍රවර්ධන වියදම් පියවා ගැනීම සහ ලාභය වශයෙන් වූ කොටස උපයා ගැනීම සිදුකළ යුතුය.

ඉඩම් විකිණීම එම ප‍්‍රමාණයෙන්ද අවසන් නොවන අතර පොදු පහසුකම් සඳහා වෙන්කරන ලද හෙක්ටයාර 63ක භූමි ප‍්‍රමාණයේ මූලික පහසුකම් වෙන්කිරීමෙන් පසු අතිරික්ත ඉඩම් ප‍්‍රමාණයක් ඉතිරිවේ නම් එම අතිරික්ත ඉඩම් ප‍්‍රමාණයද විකිණීමට නියමිත අතර එසේ අතිරික්ත වන ඉඩම් ප‍්‍රමාණය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට 40%ක් හා චීන සමාගමට 60%ක් වන අනුපාතයට බෙදාගැනීමට නියමිතය.

වසර 25ක බදු සහන

 

Colombo-Port-project-

එමෙන්ම ශ‍්‍රී ලංකා වරාය අධිකාරියද විකිණිය හැකි අතිරික්ත ඉඩම් ප‍්‍රමාණයට අමතරව පළමු වටයේදී විකිණිය හැකි ලෙස හඳුනාගෙන ඇති හෙක්ටයාර 108ක ප‍්‍රමාණයක් චීනයට ලබාදීමෙන් පසු ඉතිරි වන හෙක්ටයාර 62ක ප‍්‍රමාණයක් විකිණීමට නියමිතය. ඒ සඳහා ව්‍යාපෘති සමාගම හා සමාන පදනමකින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියටද ඉඩම් විකිණීමට හා බදුදීමට හැකි අයුරින් බලතල ලබාදීමටද, මුද්දර ගාස්තු හා ඉඩම් විකිණීමට අදාළ අනෙකුත් බදු ගාස්තුවලින් නිදහස් කිරීමටද නියමිතය. දැනටමත් ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ මෙම ව්‍යාපෘතියට ඒ යටතේ ලබාදුන් විශාලම සහනය වන වසර 25ක බදු සහන ලබාදී ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.