පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි උමඟ කැණීම් නිසා ගිලා බැසීම්

polpitiyaනුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් කැලණි ගඟ හරස් කර ඉදිකරණ පොල්පිටිය බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි ව්‍යාපෘතියේ උමඟ කැණීම් හා එහි කටයුතු නිසා එම ප්‍රදේශය දැඩි අනතුරකට ලක්ව ඇති බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (16) එම ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණයකට එක්වෙමිණි. ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවීර ආරච්චි මහතාද ඒ සඳහා එක්වී සිටියේය. මේ වනවිට එම ප්‍ර දේශයේ නිවාස 48ක් විනාශයට පත්ව ඇති අතර තවත් නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් ඉරිතලා ගොස් තිබේ. එක් නිවසක් අඩි 70ක් පමණ පොළව තුළට ගිලා බැසීමට ලක්ව ඇති අතර නිලධාරීන් විසින් කළුගල් සහ පස් යොදා එම ගිලාබැසීම ඇති වූ වළ වසා දමා තිබේ.

කිලෝමීටර් 08ක දිගකින් යුක්තව ඉදිකරණ එම උමග සඳහා මේ වනවිට කිලෝමීටර් 03කට ආසන්න ප්‍රමාණයක් කැණීම් සිදු කර ඇත. තවත් කිලෝමීටර් 05ක පමණ ප්‍රමාණයක් කැණීම් සිදු කිරීමට ඉතිරිව තිබේ. මේ වනවිට එම ප්‍රදේශයේ කඳු පිපිරීමට ලක්ව ඉතාවමත් අවධානම් තත්වයනට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ මේ රටත් රටේ ජනතාවත් පිළිබඳව කිසීම තැකීමක් නැති බලධාරීන් අහ පොළව නුහුලන අපරාධවල නියැලී සිටින බවයි. මේ වනවිට අඹගමුවත්, උමා ඔය නිසා බණ්ඩාරවෙල පත්ව ඇති තත්වයට පත්වෙමින් තිබෙන බවත් තමන්ගේම කියා නිවසක් තනාගෙන ජීවත්වූ මිණිසුන් කුළී නිවැසියන් බවට පත් කර ඇති බවත් ඒ මහතා පවසයි.

“එක පැත්තකින් මහා වනානත්ර විනාශයි, තවත් පැත්තකින් මධම කඳුකරයේ නැගනෙ හිර බෑවුම විනාශයි, තව පැත්තකින් බහුජාතික සමාගම්වලට ගොව බිම් බිළිදෙමින් සිටිනවා, මේ වනවිට නුවර එළියේ අඹගමුව ප්‍රදේශයට දැඩි පාරසරික හානියක් සිදු කරමින් තිබෙනවා. මේ විදිහට බලනකොට මේ රට අවුරුදු 69ක් පාලනය කළ පාලකයොත් මේ වත්මන් පාලකයොත් මධ්‍යම කඳුකරය ඒ කියන්නේ රටේ හදවද හතරවටෙන්ම වනසනවා. අපි ජනතාවට කියනවා මේව දැන් මේ විදිහට බේරගන්න බැහැ. අපි පාලකයන් එක්ක මේ ප්‍රශ්න මහ පාරෙදි බේරගන්න ලෑස්ති වෙන්න කියලා”

උමගට ඉහළින් කැණියන්, මාඋස්සා කැළේ, කාසල්රී, නෝටන් රීච් සහ ලක්ෂපාන යන ජලාශ පිහිටා ඇති බවයි. ඒ පිළිබඳව කිසිම තැකීමක් සිදු නොකර සැලසුමකින් තොරව මෙම විදුලි ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.