පොල් පොල් පොපොල් වෙයි- පොල් නැව පිටමං

cocnutමෙරට නීතී රීති උල්ලංඝණය කරමින් පොල් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ලය ගෙන තිබූ තීරණයකට අනුව කොළඹ වරායට පොල් නැවක් පැමිණ ඇති බවට පසුගියදා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අනාවරණය කර සිටියේ ය. ඒ මහතා එහිදී සඳහන් කර සිටියේ ශාක නිරෝධායන පනත අනුව මෙරටට පොල් ආනයනය කළ නොහැකි බවත් එසේ ආනයනය කරයිනම් එය නීතිවිරෝධී බවත් ය.

කෙසේ නමුත් බීජ පොල් ලෙස හෝ පරීක්ෂණ කටයුතු සඳහා පොල් ගෙඩි කිහිපයක් පමණක් ගෙන ඒමට හැකියාව ඇතත් එයද ශාක නිරෝධායන ආයතනයේ පූර්ණ අධීක්ෂණය සහ අවසරය සහිතව කළ යුතු බවත් නාමල් කරුණාරත්න මහතා අනාවරණය කරයි. එහෙත් උක්ත පොල් නැව ගෙන්වා ඇත්තේ මෙරට පරිභෝජනය සඳහා ඉන් ප්‍රමාණයක් මුදා හැර අනෙක් පොල්වලින් අතුරු නිශ්පාදන සිදුකර නැවත අපනයනය කිරීම සඳහාය.

කලකට ඉහත දී පොල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් විය. දැන් පොල් ගෙන්වන රටකි. පසුගිය දා ශ්‍රී ලංකාවට ගෙන්වන ලද පොල් නැවක් නිසා අර්බුදකාරී තත්වයක් මතු විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.