පොලිස්පතිවරයාගේ තර්ජනය කිරීමේ සිද්ධිය ඉතා සුළු එකක් – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර

ruwan-gunasekaraපොලිස්පතිවරයා උදෑසන භාවනා කිරීමේ වැඩ පිළිවෙලට එක් නොවූ විදුලි සෝපාන කි‍්‍රයාකරුගේ කමිසයෙන් අල්ලා ඔහුට තර්ජනය කිරීමේ සිද්ධිය ඉතා සුළු එකක්බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මාධ්‍යයට පවසා ඇත. යහපත් හැගීම් ජනිත කිරීමේ අරමුණින් උදෑසන භාවනා කිරීම පොලිස්පතිවරයා විසින් පසුගිය අපේ‍්‍රල්මාසයේ සිට ආරම්භ කල බවයි පොලිස් ප‍්‍රකාශකවරයා පවසා ඇත්තේ.

මේ අතර වාරයේ පොලිස්පතිවරයාගේ මේ මතභේදයට තුඩුදෙන හැසිරීම පිළිබඳ පොලිස් කොමිසමෙන් විමසූ විට ප‍්‍රකාශකයෙක් කියා සිටියේ පොලිස් කොමිසමට පොලිස්පතිවරයාගේ කාර්යයන් අදාල නොවන බවයි. 19වෙනි සංශෝධනයට අනුව පොලිස්පතිවරයා පත්කොට ඇත්තේ ව්‍යවස්ථාදායක කොමිශන් සභාවෙනි. එහෙයින් මේ පිළිබඳව පියවරක් ගත යුත්තේ ව්‍යවස්ථාදායක කොමිශන් සභාව බව ස්වාධින පොලිස් කොමිසමේ ප‍්‍රකාශයා පැවසීය. පොලිස්පතිවරයාගේ මේ හැසිරීම පිළිබඳව මානව හිමිකම් කි‍්‍රයාකාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන්ද දැඩි පිළිකුලක් හා විරෝදයක් එල්ල වෙමින් පවතී.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.