පොලිස්පති ගෙන් විහිළු ටොන් එකක්…………..

pujith2ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලයන්හි පොලිස් නිලධාරීන් උදෑසන රාජකාරි ආරම්භ කිරීමට පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වඩන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පෙරේදා  (15) උපදෙස් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු තුනක් ආනාපානසති භාවනාව කළ යුතු බවටත්, ඉන් පසු මෛත්‍රී භාවනාව කළ යුතු බවටත්, නැවතත් ආනාපානසති භාවනාව කර භාවනාව අවසන් කළ යුතු බවටත් පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි දැනගන්නට තිබේ. ආගමික කටයුතු පුද්ගලික කාරණාවක් වන අතර ඒ පිළිබඳව නියෝග නිකුත් කිරීම විහිළුවකට වැඩි යමක් නොවන බව ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම පැවසුහ.

සාමාන්‍යයෙන් නිළ බල ක්‍රමය තුල නියෝගයක් දෙන විට එම නියෝගය ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න පිළිබඳව හොයා බැලීමට ක්‍රමයක් තිබිය යුතුය. පෙර මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව වඩන ලෙස දී ඇති නියෝගය ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න පිළිබඳව හොයා බැලීමට පොලිස්පතිවරයාට අධි මානසික බලයක් තිබේද නැද්ද යන්න පිළිබඳව දැන ගන්නට නැත.

අතී දීර්ඝ රැස්වීම්

පොලිස්පතිවරයා මෙම නියෝගර කර ඇත්තේ ඊයේ (15) පොලිසියේ උසස් නිලධාරීන් සඳහා පැවැති විශේෂ රැස්වීමකදී ය. උදෑසන 9.15 සිට දහවල් 12.00 පමණ වන තුරු එම රැස්වීම පැවැත්විණි.

අතී දීර්ඝ රැස්වීම් පැවැත්වීමට පොලිස්පතිවරයා සමතෙකි

ඊට සහභාගී වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා ඇත්තේ තම ධුර කාලයේ යම් යම් රාජකාරිමය අතපසුවීම් සිදුවූ බවයි. ඒ ගැන කණගාටු වන බව කියා ඇති පොලිස්පතිවරයා වැඩ රාජකාරි අතපසුවීම වළක්වා ගැනීමට සියලු පොලිස් නිලධාරීන් උදෑසන භාවනා කළ යුතු බව කියා තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.