පොලිස්‌ නිලධාරියාට අල්ලස්‌ දුන් කොන්දොස්‌තර කොටුවේදී කොටු

bribery policeපොලිස්‌ නිලධාරියකුට රුපියල් 1000 මුදලක්‌ අල්ලසක් ලෙස ලබාදුන් බස්‌ කොන්දොස්‌තරවරයකු කොටුව පොලිසිය මගින් පසුගිය 21 දා අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

138 මහරගම – පිටකොටුව මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස්‌ රථයක රථවාහන වරදක්‌ සම්බන්ධයෙන් කොටුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු විසින් නඩුවක්‌ ගොනු කරන විටදී, එම වරද සම්බන්ධයෙන් නඩුවක්‌ ගොනු නොකරන ලෙස ඉල්ලා එම බස්‌ කොන්දොස්‌තරවරයා විසින් බස්‌ රථයේ බලපත්‍රය සමග රුපියල් 1000 මුදලක්‌ පොලිස්‌ නිලධාරියා වෙත ලබාදීමට උත්සාහ කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.