පොලිස් භාවනාව ජෝක්වෙයි – කිං කැකිල්ලේ තියරියෙන් වැඩේ ෂේප්

laughingපොලිස්පතිවරයා කොලරයෙන් ඇද උදෑසන භාවන නොකළැයි කියන සිපොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්‍රියාකාරු සමාධිගත කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්  පොලිස් ප්‍රකාශක රුවන්  ගුණසේකර දුන්දී  පිළිතුරු කැබිනට්ම මාධ්‍ය හමුවට අපුරු හාස්‍යයක් එක් කළේය.
අශෝභන ලෙස හැසිරුන පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය සාධාරණීයකරණය කළ රුවන්  ගුණසේකර  කියා සිටියේ වීඩියෝ පටය පිළිබඳව සාපරාධී සිවිල් නීතිය   පිළිබඳව නඩු පැවරීම පිළිබඳව අවධානය යොමු වේ ඇති බවයි.
උදෑසන ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව යම් මානසික ඒකාග්‍රතාවක් ඇති කිර ගැනීමට ක්‍රියාකාරකමක් කරන ලෙස පොලිස්පතිවරයා චක්‍රලේඛයකින් දන්වා ඇතැයි ද, ඒ ගැන සොයා බැලීමට ඇතැම් අවස්ථාවල පොලිස්පති පොලිස් මූලස්ථානයේ සංචාරය කරන බව ද, මෙම සිදුවීම වු දා විදුලි සෝපාන ක්‍රියාකරු එලෙස කටයුතු කර නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ආණ්ඩුවේ මතය විමසු විට රාජිත සේනාරත්න සිනා විතකින් පිරිසට සංග්‍රහ කළේය.

ප්‍රශ්නය – ආගම් අදහන්නේ නැති පිරිසුත් ඉන්නවා. ආගමික කාරණා සම්බන්ධයෙන් මෙහෙම චක්‍රලේඛ නිකුත් කරන එක හරිද?

ඇමැති දයාසිරි ජයසේකර – ඒකේ ප්‍රශ්නෙකුත් තියෙනවා තමයි. මම නම් කියන්නේ පොලිසිය භාවනා කරන්නේ නෙමෙයි පීටී කරන්න කියලයි. මොකද හොරෙකුගේ පස්සෙන් එළවන්න ශක්තිය ඕනෑ.

ඇමැති රාජිත සේනාරත්න – මං මේ අහං ඉන්දි මට බය හිතුනේ පිටකොටුවේ බෝම්බයක් හරි තියෙනවා කියලා කවුරුහරි කියද්දි භාවනා කරනවයි කිව්වොත් ඇතිවෙන තත්ත්වෙ. අපේ ආරක්ෂාවට ඇතිවෙන තත්ත්වය. පොලිසියට තත්ත්පර 15ත් වටිනවා.

මාධ්‍ය වේදීන් – කොහෙද යන්නේ මල්ලේ සොසේජස් පිළිතුරු වලින්  ප්‍රමුදිතව වැඩේ  නිමා  කළහ.
කොළරයෙන් ඇද තර්ජනයට ලක් වූ විදුලි සෝපාන ක්‍රියාකරු ‘ මීලඟට පාත්වෙන ගිනි ගෙඩිය ගැන කල්පන කරමින් සිටිනවා විය හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.