පොලිස් වෙට්ටුවක් අතට අහුවෙයි

Police attack Dodangodaගහන්න එපා සර්…. ගහන්න එපා සර්….. යැයි ඉල්ලීම් කරද්දීත් දිගින් දිගට පහර දුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇති නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය නොවන නිසා තමන් ඒ ගැන කටයුතු නොකළ බව පොලීසිය මතුගම උසාවියට කළ කරුණු දැක්වීම සාවද්‍ය බව හෙළිදරව් විය.

ශ්‍රී ලංකා මෝටර් සයිකල් සංගමය සහ පහරදීමට ලක්වූ තරිඳු ප්‍රියංකර නැමති 16 හැවිරිදි දරුවා ගේ දෙමාපියන් විසින් නඩුව ගොනු කොට තිබින.

පොලිස් සැරයන් චන්ද්‍රජිත් කපිලසිරි සහ කොස්තාපල් එන් අරුණසිරි පහරදීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටී.

උසාවි බිමේ සිට www.lankanesline.com වෙත කථා කළ පොලිස් මාධ්‍යවේදියෙක් පැවසුවේ මෙය අනගි’ පොලිස් වෙට්ටුවක්’ වන බවයි.

තවමත් පාසල් වියේ පසුවන තරිඳු ප්‍රියංකර ට යතුරුපැදි ධාවනයට ඇල්මක් ඇතිවුවද වලංගු රියදුරු බලපත්‍රයක් නොවීය. හොරෙන් යතුරුපැදියට නැගී මාර්ගය දෙසට පදවාගෙන ගියේය. රේන්දපොළ ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට ගමන් කරමින් සිටියේ තුඩුගල දෙසටය. ඒ දෙසට කිට්ටු වෙමින් නිදහසේ යතුරුපැදිය පදවාගෙන යද්දී ඉදිරියෙන් මාර්ගය පසෙක රැඳී සිටියේ දොඩන්ගොඩ පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් දෙදෙනෙකි.

යතුරුපැදියේ නැගී එන පුද්ගලයා දුර තියාම දුටු නිලධාරීන් සංඥා කර තිබුණේ ඔවුන් ඉදිරියේ යතුරුපැදිය නවතන ලෙසය. වෙනත් අයෙකුට අයත් මෝටර් බයිසිකලයක් රියදුරු බලපත්‍රය හෝ රහිතව පදවාගෙන ගිය ඔහු බියට පත්ව පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පලා යන්නට උත්සාහ කළේය. එසැණින් මෝටර් බයිසිකලයේ වේගය වැඩිකළ තරුණයා පවනට බඳු වේගයෙන් තුඩුගල නගරය දෙසට ගියේය.

මේ සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනා පලාගිය යතුරුපැදිය පිළිබඳව සැක සිතා ඔහු ලුහුබඳින්නට විය. මාර්ගය මැද වැටී සිටි තරුණයා අල්ලාගෙන සිටුවාගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුගේ ගෙල අසලින් අල්ලා වැරෙන් පහර දෙන්නට පියවර ගත්හ. අනේ ගහන්න එපා සර්…. ගහන්න එපා සර්… යැයි හඬ නගමින් ආයාචනය කළද තරුණයාගේ බහට කීකරු නොවූ පොලිස් නිලධාරීහු ඔහුට පහර දෙන්නට වූහ. එල්ල වූ අමානුෂික පහර හමුවේ වේදනාවෙන් ඇද වැටුණු තරුණයා බිම පෙරළෙද්දී කේන්තියෙන් හැසිරෙන පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට පා පහර කීපයක්ද එල්ල කළහ.

සිදුවීමට සම්බන්ධ තරුණයාට රථවාහන නීතියට අනුව රියදුරු බලපත්‍ර රහිතව රිය ධවානය, රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් යතුරුපැදි හිමිකරු බලපත්‍ර රහිත අයකුට රිය ධාවනයට ලබාදීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය පැවසීය. එහෙත් තමන් ගේ රැහේ එවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ වෙනත් ආකාරයකටය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.