පොලීසියට ඇහැරෙයි

 

downloadilangakoon

 

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් අමාත්‍ය ඩී. වී. උපුල් කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පති උපදෙසින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.

‘අපි මේ ප්‍රකාශය ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔහු කළ භයානක ප්‍රකාශයට දණ්ඩනීති සංග්‍රහයේ 486වෙනි වගන්තිය යටතේ වසර 7ක සිරදඩුවමක් ලැබිය හැකියි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට මරණිය තරජන සිදුකිරීම වැනි තව කරුණු අනුව ඔහුට උපරිම දඩුවමක් ලබා දෙන්න පුළුවන්.‘

පළාත් අමාත්‍ය ඩි වී උපුල්  එම ප්‍රකාශය කළ අවස්ථාවේ පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද වේදිකාවේ සිටි බව වාර්තා විය.

මෙහිදී මතුවෙන ගැටළුව වන්නේ පොලීඑසියත විමර්ශනයක් අර්ම්භාකිරීම්ට මේ තරම් කාලයක් ගත වන්නේ මන්ද යන්නයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.