පොලීසියට ගල් ගසා මරා දමන බව කියන විට අත් පොළසන්

පොලිසිය  මේ සම්බන්ධයෙන් කුමක් කරන්නේද?

 

 

 

මහින්ද රාජපක්ෂ අගමැතිවූ විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පීසී ගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දමන බව දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල් මහතා පසුගියදා තිස්සමහාරාමයේ පැවති රැස්වීමකදී කීවේය.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පහළම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා ලැයිස්තුවක් ගෙන ඔවුන් ගල් ගසා මරා දමන බවත් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව කීවත් නයි පොළඟුන් සමග එසේ කළ නොහැකි බවත් ඔහු පැවසීය.

‘1989 භීෂණ සමයේ සපුගස්කන්ද බටලන්දේ 60,000ක් මරා දැමූ මිනීමරුවන්ට දඬුවම් දීමට ශ්‍රීලනිප රජය කටයුතු කළේ නෑ. නමුත් ඔවුන් දැන් බලය ලබාගෙන අපේ අයගේ පුංචි පුංචි වැරදිවලටත් එළව එළවා දඬුවම් දෙන්න හදනවා. නැවත මහින්ද අගමැති වූ වහාම ඒ අයට නිසි දඬුවම් දෙනවා. අපේ අය කූඩුවට දාන මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් කාරයෝ ගල් ගහලා මරනකන් අපි බලන් ඉන්නේ‘ යැයි උපුල් මහතා කීවේය.

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

 

[vsw id=”/SNe6dor8ZZ0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

පොලිසියට  තබා සතෙකුටවත් ගල් ගසා මර දමන බව කියා තර්ජනය කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.

.මහින්ද බලයට පත් කිරීම සඳහා ඕනෑම දෙයක් කල හැකිය යන ප්‍රවනතාවක් මතු වෙමින් පවතී.

ගායිකා නීලා වික්‍රමසිංහ ‘ගහලා හරි බලය ගන්න ‘යැයි ප්‍රසිද්ධියේ කියා සිටින්නේ එහෙයිනි.වාසුදේවට  සිත්සේ කුණුහරුප කිව හැකිය.

මේ තත්වය නතර කිරීමේ වගකීම පැවරෙන්නේ පොලීසියටයි එසේ නොකොට අත පය බැඳගෙන නිකං සිටීමෙන් පහර වැදෙන්නේ සාමාන්‍ය ජනතාවටයි.

ඒ ප්‍රවනතාවය ආරම්භ වුනේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පහර දීමෙනි.මේ ප්‍රවනතාව වහාම නතර කිරීම පොලීසියේ වගකීමකි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.