පොලීසියෙන් වාර්තාගත ගීත ආදායමක්

 

police1

 

නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් සේවා වනිතා ඒකකයට රුපියල් කෝටියක ආධාර මුදලක් භාර දී ඇති අතර කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව මුදල භාර ගෙන තිබේ.

වැටුප් ලබන රජයේ නිලධාරියෙකුට පොදු වැඩකට පුද්ගලික අරමුදලින් රුපියල් කෝටියක් මුදලක් ලබා දිය හැකි නම් ඔහු සැබවින්ම දැවැන්ත ආර්ථික ශක්තියක් ඇති පුද්ගලයෙක් විය යුතය.

තමන්ගේ ගීත ඇතුලත් සංයුක්ත තැටියක්  විකිණීමෙන් මේ මුදල් ලබාගත් බව ඔහු කියා සිටී.

මේ තරම් මුදලක් සංයුක්ත තැටියක් විකිණීමෙන් ලබාගත හැකි නම් අමරදේව ,වික්ටර්,නන්දා .මෙන්ම අපාත්ර් නැති ජෝති ක්ලැරන්ස්  ආදීන් ප්‍රකෝටිපතීන් විය යුතුය. එහෙත් එසේ සිදුවූ බව ඇප නොදනිමු.

එහෙයින් අනුර සේනානායකට තමන්ටම සුවිශේෂවූ අලෙවි ක්‍රමවේදයක් තිබිය යුතුය.

ඔහු මේ ක්‍රමවේදය පසුගියදා සිළුමිණ පුවත් පතට හෙළිදරව් කළේය.

 මගේ පරණ ගීත වගේම අලුත් ගීතත් එකතු කරලා සංයුක්ත තැටියක් ලැස්ති කරලා තියෙනවා. මේ සංයුක්ත තැටියෙන් ලැබෙන ආදායම යුද්දෙන් මිය ගිය පොලිස් නිලධාරින්ගේ පවුල් වල උදවියට නිවාස සෑදිම සඳහා වෙන් කිරිමයි මගේ අරමුණ. හැබැයි මම මේ සංයුක්ත තැටි කඩවලට දාලා විකුණන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව අපේ දෙපාර්තුමෙන්තුවේ අය අතරම බෙදා හැරිමටයි.

 

ප්‍රතිපලය නරක නැත.රක්පක්ෂ ආණ්ඩුවට බෙහෙවින්ම හිතවත් වූ අනුර සේනානායක ගේ ව්‍යාපාරික කටයතු  සහ අයුතු ලෙස බලය භාවිතා කිරීම පිළිබඳව බොහෝ මාධ්‍ය හෙළිදරව් සිදුවුනත් ඔහුට සේවාව දික් කරගත හැකිවිය. සෑම රජයේ නිලධාරියෙක්ම වර්ෂිකව  තමන්ගේ වත් කම් සහ බැරකම් ප්‍රකාශයට පත් කල යුතුය. අනුර සේනානායක ගේ වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශනය අනුව ඔහුට රුපියල් කෝටියක් පරිත්‍යාග කල හැකිදැයි පොලිස්පති වරයාට හොයා බලා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කල හැකි නම් අගෙයි.

මාධ්‍ය හෙළිදරව්වක්

anura2

.

[vsw id=”/EPULk73wpiE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

record income from sri lankan  policeman’s song

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.