පොලීසියේ ප්‍රමාදය ගැටළුවක් එත් සංසුන් වන්න-විග්නේෂ්වරන්

 

vigneshwaran

 

සිත් වේදනාවෙන් තැවෙන අපගේ ජනතාවගේ කරමත නැගී සවාරි යාමට උත්සාහ නොකරන්න. ඔබලාව හඳුනාගතහොත් ඉතා බරපතල ප්‍රතිවිපාක වලට ඔබලාට මුහුණදීමට සිදුවනු ඇතැයිද, උතුරේ ජනතාව සාමය ආරක්‍ෂා කෙළේ නැතිනම්, අපව හමුදාව විසින් පාලනය කිරීමට ඉඩ ඇත“  යනුවෙන් පුංගුඩුතිව් සිසුවිය ඝාතනය සහ පසුව නැගී ආ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

ප්‍රධාන අමාත්‍යවරයා නිකුත් කර ඇති නිවේදනයේ සිංහල පරිවර්තනය මෙසේය.

“පූංකුඩුතිව් විත්‍යා සිසුවියව දූෂණය කිරීම සහ ඝාතනය කිරීමට එරෙහිව අපගේ ජනතාව තම අප්‍රසාදය සහ විරෝධය පෙන්නුම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. මා පවා ම‍ගේ අදහස් නිවේදනයක් ලෙස මෙයට ඉහතදී නිකුත් කලෙමි. නමුත්, සාමකාමීව පවත්වන අපගේ පෙළපාලි සහ විරෝධතා වාසියක් කරගෙන, මහජනතාවගේ දේපල විනාශ කිරීමත්, ටයර් ගිනිතැබීමත් වැරදි කටයුතු වේ.

මෙම ශෝකීය අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙම පහත් කටයුතු වල නිරත වන්නේ කවුද යන්න ජනතාව අවධානයෙන් සිට හඳුනාගත යුතුය. විවිධ හේතු මත එදත් අදත් අපගේ ජනතාවට පොලීසියේ සහයෝගය ලබාගැනීම මදක් දුෂ්කරව පවතී.

විත්‍යාගේ පැමිණීම ප්‍රමාදවීම පිළිබඳව ඇයගේ මව විසින් පොලීසියට දැන්වීමෙන් පසු, කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණානම් අද මෙවැනි අභාග්‍ය තත්වයක් ඇතිවී නොතිබෙණු ඇත. ඉන්පසුත් අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාදයන් කරන්නේද පොලීසිය බැවින් අපගේ ජනතාව කෝපයට පත්වී ඇත.

නමුත්, එම අවස්ථාවේදී අප පොලීසියට සහයෝගීව කටයුතු කල යුතුවා මිස ඔවුන් සතුරන් ලෙස සලකා කටයුතු කිරීම නොකල යුතුය. පොලීසිය සහ අප අතර සිත් අමනාපකම් ඇතිකර ගැටුම් ඇතිකිරීමට සමහරෙකු සූදානම්ව සිටින බව තේරුම්ගත හැකිය. අප ඒවාට හසුනොවිය යුතුය. නීතිය සහ සාමය ඇති කිරීමට අප සහයෝගීව සිටිය යුතුවා මිස, බාධාවක්ව නොසිටිය යුතුය. අද දින (2015.05.20) අමාත්‍යවරු සියළුදෙනා රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කලෙමු. මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි සමග සාකච්ඡා කලෙමු. පොලීසිය සහ අපගේ පළාත් සභා නියෝජිතයින් එක්ව දැනුවත් කිරීමේ කමිටු වලට දෙපාර්ශවය සහභාගි කරවීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නෙමු.

නැවතත් අප නිවේදනයක් නිකුත් කරන්නෙමු. චුන්නාගම් පෙළපාලිය ජනතාව විසින් පැවැත්වූවක් මිස කිසිඳු පක්‍ෂයක්, වෘත්තීය සංගමයක් සහ ආයතනයක් විසින් පැවැත්වූවක් නොවන බව මෙහිදී මතක් කල යුතුය. එවැනි කිසිවෙකු මේ තුලින් පෞද්ගලික වාසි ලබාගැනීමට උත්සාහ කර තිබුණා නම්, එය මියගිය තරුණියට අප කරන ද්‍රෝහිකමක් වනු ඇත.

මෙවැනි අවස්ථා භාවිතා කර පක්‍ෂයේ යහපත, මැරයින්ගේ වාසිය සහ පෞද්ගලික වාසි ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින්ට අප අනතුරු අඟවන්නෙමු. ‘සිත් වේදනාවෙන් පෙළන ජනතාවගේ කරමත නැගී සවාරියාමට උත්සාහ නොකරන්න. ඔබලාව හඳුනාගතහොත් ඉතා බරපතල ප්‍රතිවිපාක වලට ඔබලට මුහුණදීම‍ට සිදුවනු ඇත’ ජනතාව තම විරෝධය සහ බලාපොරොත්තුව අද දින පෙන්නුම් කලද, හෙට දින සාමකාමී තත්වයක් ඇතිවීමට උපකාර කල යුතුය.

මහජනතාව සාමය ආරක්‍ෂා කල යුතුය. නැත්නම්, අපව හමුදාව විසින් පාලනය කිරීමට ඉඩ ඇත. පොලීසියට පවා එය කල නොහැකිය යනුවෙන් දේශපාලනික වශයෙන් කතා කරනු ඇත. එයට අපගේ ජනතාව ඉඩනොදිය යුතුය. ඉතා ඉවසීමෙන් අපගේ ජනතාව කටයුතු කලයුතු බව ඉල්ලා සිටින්නෙමි. පැහැරගැනීම්, ලිංගික හිංසා සහ ඝාතන යනාදියේ නිරත වූ සියළුදෙනාව අධිකරණය ඉදිරියට පමුණුවන බව අප පොරොන්දු වන්නෙමු. ඒ සඳහා වන කටයුතු සිදුවෙමින් පවතින බවද ප්‍රකාශ කරන්නෙමු” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත.

 

ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම හෙළ දකිමු-මාවෙයි සේනාධිරාජා 

 

පූංකුඩුතිව් සිසුවියට යුක්තිය ඉල්ලා සාමකාමීව පැවැත්වූ සටන් කඩාකප්පල් කරන අන්දමින් සමහර බලවේග ප්‍රචණ්ඩත්වය ඇවිස්සීමෙහි නිරතවීම තරයේ හෙලාදකින බවත් “ප්‍රචණ්ඩත්වයේ නිරත වන්නට එපා. නැවතත් මහ ව්‍යවසනයකට යාමට කිසිවෙකුටත් ඉඩ දෙන්න එපා“ යි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

“පූංකුඩුතිව් සිසුවියට යුක්තිය ඉල්ලා සිටිමින් 2015.05.20 දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සාමකාමි විරෝධතාවයට සහභාගි වන ලෙස දෙමළ ගුරු සංගමය, යාපනය ව්‍යාපාරකයින්ගේ සංගමය, විශ්ව විද්‍යාල ප්‍රජාව, ශිෂ්‍ය සහ තරුණ සංවිධානය විසින් විවෘතා ආරධනාවක් කර තිබුණි. ඉන් පසු, විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් විද්වතුන්, ආගමික නායකයින්, ගුරුවරු, සිසුන්, කාන්තාවන් වශයෙන් විශාල පිරිසක් මෙම ස්ථානයට රැස්වී ඇත. 1100 පැයට පමණ පෙළපාලි එම ස්ථානයට ළඟා වී ඇත.

රැස්ව සිටි පිරිස ඉදිරියෙන් යතුරු පැදි වල නැගගත් පිරිසක් ශබ්ද නඟමින් ගමන් කරනු දැක අප බියට පත්වුණෙමු. දෙමළ ගුරු සංගමයේ ලේකම් සහ යාපනය ව්‍යාපාරික සංගමයේ සභාපති සමඟ අප ඇතිවිය හැකි තත්වය පිළිබඳ සාකච්ඡා කළෙමු. මෙම යුක්තිය සඳහා වන සටන ප්‍රචණ්ඩත්වයට බවට පරිවර්ථනය කිරීමට පෙර දිනද උත්සාහ ගෙන තිබුණි. අවශ්‍ය නිසි පිළිවෙත් අනුගමනය කරන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරන ලදි.

ප්‍රචණ්ඩත්වය ඇති නොවී වළක්වා ගැනීමේ අරමුණිනුත්, පාලනය කළ නොහැකි කටයුතු වල සමහර බලවේග නිරතවීම පාලනය කරන අන්දමිනුත් සාමාකාමි සටනක් යහපත් අරමුණින් පැවැත්වූ නමුත්, එය කඩිනමින් අවසන් කරන ලදි.

රජයෙන් යුක්තිය ඉල්ලා සිටීමේ ලිපි ලහි ලහියේ භාරදෙන ලදි. පසුව සමහර බලවේග යාපනය අධිකරණ ගොඩනැගිල්ලටත්, නිතිඥයින්ටත්, වාහන වලටත් පහරදීම සහ ගල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩත්වයේ නිරත වූ බව අපට දැනගැනීමට ලැබුණි. පොලීසිය කඳුළු ගෑස් භාවිතා කර තත්වය පාලනය කිරීමට උත්සාහ කළ බව දැනගත් අවස්ථාවේ කණගාටුවට පත්වුණෙමු.

අත් අඩංගුවට පත් ඝාතකයින්ව තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රචණ්ඩත්වයේ නිරතවීම එම සිසුවියට එවන් පහත් කටයුත්තක් කළ පුද්ගලයින්ට නිතීමය වශයෙන් දඬුවම් ලැබීම වැළැක්වී යාමට මෙම කටයුතු තුලින් උත්සාහ කරනවාද යන ප්‍රශ්ණය මතුවේ.

මෙම තත්වයේදී ප්‍රචණ්ඩකාරී කටයුතු පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් නොමැති බවත්, හමුදාව කැඳවිය යුතු අවශ්‍යතාවයක් ඇතිවූ බවත්, පොලිස්පතිවරයා අදහස් කරන බව දැනගැනීමට ලැබුණි. අපගේ නායක සම්බන්ධන් ‘හමුදාව යොදවන්න එපා’ යනුවෙන් ඉල්ලා සිටින ලදි. මේ සම්බන්ධයෙන් මා සමඟ සාකච්ඡා කල අවස්ථාවේ, ආරක්‍ෂාව යන නමින් නැවතත් හමුදාව ජනතාව අතරට කැඳවන්න එපා යනුවෙන් ඉල්ලා සිටියෙමි.

2015.05.19 වන දින 1200 පැයට එම සිසුවියගේ නිවසේදී ඇයගේ මව සහ ඥාතීන් හමුවීමට මමත්, අධ්‍යාපන අමාත්‍යවරයාත්, පළාත් සභා සභාපතිත් ගියෙමු. ඒ අතරේදි පුංකුඩුතිව් ස‍ර්වෝදය ශාලාවේ මහජන රැස්වීමක් පැවැත්වෙන බව සැලවීමින් පසු එහි ගියෙමු. එහිදී අපව හමුවූ තරුණයින් සහ ජනතාව අත් අඩංගුවට පත්වූ ස්ව්‍ට්සර්ලන්තයේ පදිංචි ‘කුමාර’ නැමැත්තා කොළඹට පලා ගොස් ඇති බව ප්‍රකාශ කරන ලදි.

එහිදී තුවාරගේස්වරන් මා වෙත පැමිණ ‘කුමාර’ නැමැත්තා පලාලි ගුවන් තොටුපලෙන් කොළඹ යාමට උත්සාහ කරන බවත් එය වළක්වා අත් අඩංගුවට ගත යුතු බවත්,‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු පැමිණ සිටින බැවින් ඔබත් පැමින සාකච්ඡා කරන්න යනුවෙන් ප්‍රකාශ කළ අවස්ථාවේ මමත් එම ශාලාව තුලට ගොස් පොලීසිය සමග වාද කළෙමි.

පොලීසිය සාක්‍ෂියක් ලබාදෙන ඉල්ලා සිටින ලදි. එම අවස්ථවේ කුමාර නැමැත්තා කොළඹ සිටින බවට පුවතක් ලැබුණි. එය දැනගත් තුවාරගේස්වරන් මා සමඟ සාකච්ඡා කර පැමිණිල්ලක් ලියා නියෝජ්‍ය පොලිස්පති වෙත බාරදෙන ලදි. විනාඩි කිහිපයකට පසු නියෝජ්‍ය පොලිස්පතිවරයා මා සමඟ ප්‍රකාශ කළේ අදාල පුද්ගලයාව කොළඹදී අත් අඩංගුවට ගෙන ඇති බවයි. ඔහුව යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශ කළෙමු. එයට නියෝජ්‍ය පොලිස්පතිවරයා එකඟවිය. සිදුවුයේ එයයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඒ බව දන්වනලදි. අවසානයේ මමත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මාහට ලබාදුන් පොරොන්දුව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ප්‍රකාශ කළෙමි. ජනතාව විසිරී යන්නට පටන් ගන්නා ලදි. අප තමිල්මාරන්ව දුටුවෙත් එම ශාලාවේදීය. සිදුවුයේ කුමක්දැයි ඔහුගෙන් විමසුවෙමු. පසුව අප සියළු දෙනා එම සිසුවිය‍ගේ නිසවට ගොස් දෙමව්පියන් සමඟ සාකච්ඡා කර, සමහර කරුණු දැනගෙන පැමිණියෙමු. 1500 පැයට යාපනය පැමිණියෙමු.

මෙම සිදුවීම් සියල්ල අමතක කර සමහරෙකු අසත්‍ය පුවත් ප්‍රචාරය කර ඇත. ඒ පිළිබඳව කණාගාටුවට පත්වන්නෙමු. එහි සිට පැමිණිමෙන් සිටියදී මාර්ග වල තරුණයින් කිහිප දෙනෙකු යතුරු පැදි වලින් වේගයෙන් ගමන් කරනු දැකගත හැකිවිය. ඔවුන් කවුද යන්න දැනගැනීමට හැකිවුණේ නැත. තවද අපගේ ජිවිත කාලය තුල බොහෝ සටන් වලට, ව්‍යසනයන්ට මුහුණ දී ඇත්තෙමු.

කෙළෙහි ගුණ දත් ජනතාවත්, තරුණයිනුත් සිසුනුත් අයුක්තියට එරෙහිව නැගී සිට පිබීදීමක් ඇතිකරන ලදි. එනමුත් මෙය දරාගත නොහැකිව යටි අරමුණ සහිත බලවේග ප්‍රචණ්ඩත්වය ඇවිලවීමත්, ප්‍රචණ්ඩත්වයේ නිරතවීමත් කණගාටුවකි.

එබැවින් සාමකාමි මාර්ගයෙන් අප සටන් කරමු. අධිකරණය විසින්ම වරදකරුවන්ට දඬුවම් ලබාදීමට මඟ සකස් කරමු. අධිකරණයට පහර දෙන ප්‍රචණ්ඩත්වය එපා.ප්‍රචණ්ඩත්වයේ නිරත වන්නට එපා. “නැවතත් මහ ව්‍යවසනයකට යාමට කිසිවෙකුටත් ඉඩ දෙන්න එපා“ යනුවෙන් ඉල්ලා සිටින්නෙමු.

මාවෙයි සේනාධිරාජා
පාර්ලිමේන්තු මන්ත්‍රී
සභාපති – ඉලංගෙයි තමිලරසු පක්‍ෂය
උප සභාපති‍  – දෙමළ ජාතික සන්ධානය

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.