පොලොන්නරු ගොවියෙක් මන්ත්‍රී වෙයි

images (44)
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට තේරී පත්වීමෙන් පසුව හිස්වූ  මන්ත්‍රී තනතුරට  දිඹුලාගල කළුකැලේ මහවැලි ගම්මානයේ ගොවියෙකු වනබණ්ඩාර (46) මහතා  පත් වීමට නියමිතය.
ලබනන සතියේ රැස්වන පාර්ලිමේන්තු රැස්විමේදි දිවුරුම් දිමට සුදානම්ව සිටින   ඩී.ආර් ජයසිංහ  මහතා  2010 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 4 වැනි ස්ථානය ලබා ගත්තේය.
ඔහු  ත‍ලාතුඔය හේවාහැට මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යපනය ලබා මහවැලි ඉඩම් ගෙන පැමිණි මහවැලි දෙවැනි පරම්පරාවේ දරුවෙකි.
කළුකැලේ ශ්‍රී.ල.නි.ප සමිතියේ ලේකම් හා සමෘද්ධී සංවර්ධන නිළධාරියෙකු ලෙස පත්වී 2006 දී මනාප 7,444 ලබාගෙන දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පත්වූ ඔහු
2008 දී  උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
 2010 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මනාප 21,876ක් ලබා පොළොන්නරුවේ 4 වැනි ස්ථානයට පත්විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.