පොහොට්ටුව තවත් පුපුරයි

sri lanka podujana peramunaමහින්ද පිළ වෙනුවෙන් මෙතෙක් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක් වී තිබේ.

මහජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධණ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මකවන අතර මහින්ද පිලේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වන්නේද දිනේෂ් ගුණවර්ධන මහතාය.

ඊයේ (28) පෙරවරුවේ සෝමවීර චන්ද්‍රසිරි මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමු වී ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බව සදහන් කර ඇත.

මීට පෙර ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරිය ද දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණ ඇත හැර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.