පොහොට්ටුව ව්‍යවස්ථාව මග හරී

Parliamentමහින්ද පිළ නියෝජනය කරන මන්ත්‍රීවරු විසිදෙදෙනෙකුට (22) අදහස් දැක්වීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් පෙරේදා (11) දින පෙරවරුවේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ නමුත් එම අවස්ථාවට මහින්ද පිළේ මන්ත්‍රීවරු නොපැමිණීම හේතුවෙන් ව්‍යවස්තාදායක සභාවේ වැඩකටයුතු විනාඩි දෙකකට පමණ සීමාවිය.

මහින්ද පිළ තමන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට කාලවේලාව ලබා නොදෙන බවත් ව්‍යවස්ථාදායක සභාවේදී තම මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් නොදීම පිළිබඳවත් කතානායකවරයාට වරින් වර චෝදනා එල්ල කරයි. එම නිසාම අද දින ව්‍යවස්ථාදායක සභාව රැස්වූයේ මහින්ද පිලේ මන්ත්‍රීවරුන් සඳහා කතා කිරීමේ අවස්ථාව ලබාදීමටය. ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සිය අදහස් දක්වීම සිදුකළත් මහින්ද පිළේ මන්ත්‍රීවරු එම අවස්ථාව මෙලෙස මගහැරීම නිසා ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු කෙටි වේලාවකින් අවසන් විය.

මේ අනුව පෙනී යන්නේ පාර්ලිමේන්තුවේ තමන්ට අදහස් දැක්වීමට ඇති අවස්ථාව පවා මගහරිමින් තමන්ට අදහස් දැක්වීමට ඉඩකඩ ලබා නොදෙන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි.

පසුගිය දින හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධ ගිවිසුමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමද මහින්ද පිළේ මන්ත්‍රීවරු මඟහරින ලදී. ඊට අමතරව ඉතාම තීරණාත්මක ඡන්ද විමසීම්වලදී පවා දැනට වසර දෙකකට වැඩි කාලයක් තුළ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව මඟහරිමින් සිටියි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.