පොහොට්ටු සන්ධානයක්

pohottuwaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී පක්‍ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති සියලු පක්‍ෂ සමග සන්ධාන ගතවී ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි. ඊයේ (23) දහවල් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී එලෙස තීරණය කර ඇත. කෙසේ වෙතත් මෙම පක්ෂ අතර වැදගත් පක්ෂ තිබේද යන ප්‍රශ්නය මතුවේ.

ලබන ජනවාරි 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකාබද්ධ මහා සභා රැස්වීමේදී මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ලබාගත හැකි වෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.