පොහොර සහනාධාර මුදල් කෝ

farmersමෙවර කන්නයේ වී වගාව ආරම්භ වී දින 40ක පමණ කාලයක් ගතවී ඇතත් පොහොර සඳහා ආණ්ඩුවෙන් ලබා දෙන මුදල් මෙතෙක් නොලැබීමට විරෝධය පල කරමින්  මැදිරිගිරියේදී ගොවි ජනතාව විරෝධතාවයක නිරත වූහ.

ජලය නොලැබීම ඇතුළු කරුණු ගණනාවක් නිසා පසුගිය කන්නයේ වගා කටයුතු සිදු නොවූ අතර එම කන්නයේ වගා වන්දි නොලැබීම, මෙවර කන්නයට අදාළව නිසිලෙස ජලය නොලැබීම සහ විශේෂයෙන් මෙවර පොහෝර සඳහා මුදල් නොලැබීම යන කරුණු සම්බන්ධයෙන් ගොවිජනතාව මෙසේ විරෝධතාවයේ නිරත වූහ.

ගොවජනතාව මැදිගිරිය වෙල්යාය මධ්‍යයෙන් විරෝධතාවය ඇරඹුණු අතර එතැන් සිට ප්‍රධාන පාර දක්වා පෙළපාලියෙන් පැමිණ විරෝධතාවයේ නිරතවූ අතර පොහොර සඳහා මුදල් හෙට සිටලබා දෙන බවට විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු ලබා දුන් පොරොන්දුවක් මත විරෝධාවය නතර කර ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලයේ සංවිධායකත්වයෙන් පැවති මෙම විරෝධතාවය සඳහා එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ ලේකම් ටී.බී. සරත් මහතා එක්වී සිටියහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.