පොහොර හිඟය මැවිල්ලක්ද?

farmer in fieldපසුගිය සිකුරාදා ජයික් හිල්ටන් හෝටලයේදී වෙබ් මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ තමන්ට හදිසියේම මෙතැනින් නික්ම යාමට සිදුව තිබෙන බවයි ඊට හේතුව වූයේ පොහොර අර්බුදය පිළිබඳව හා සාකච්ඡා කිරීමට නිල්ධාරීන් හා ගොවි නායකයින් රැසක් ජනාධිපති මන්දිරයට පැමිණි සිටීමයි

මේ වනවිට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසන ආකාරයට ලබන වසරේ මහ කන්නය සඳහා ොහොර මෙට්‍රික් ටොන් 36,000 අවශ්‍ය වී තිබේ.

එහෙත් දැනට මේ ප්‍රමාණය ලබාගත් නො නොහැකිවී ඇත. මෙයට හේතුවන්නේ හොර ඇණවූම බාර ගත් සමාගම විසින් කලට වේලාවට තම වගකීම් ඉටු නොකිරීමයි.

ජනාධිපතිවරයාට රැස්වීමේදී හදිසි තීරණ යක් ගැනීමට සිදු විය. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා රුපියල් කෝටි 250ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිදහස් කරන ලදී.

පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල්තො මුදල් ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමු කිරීමට උපදෙස් දී ඇත. මේ මුදල වැය වන්නේ මහා භාණ්ඩාගාරයෙනි. මෙය ඇත්ත වශයෙන්මම නොසැලකිල්ල හේතුවෙන්වෙන් සිදුවු අවාසියකි.

කෘෂිකාර්මික ප්‍රදේශයක් නියෝජනය කරන දුමින්ද දිසානායක ඇමති ඇමතිවරයාට මේ ගැටළුව සම්බන්ධයෙන් කලට වේලාවට ‍ක්‍රියායාත්මක වීමට නොහැකි වූයේ මන්ද යන්න ප්‍රශ්නයකි .

අනෙක් අතට මේ වතාවරණය හේතුවෙන් දැනට පොහොර ගෙන්වා ගෙන තිබෙන පෞද්ගලික වෙළෙඳ සමාගම් වලට විශාල වාසියක් අත් වී ඇත.

මෙය සැබවින්ම ඇතිවූ හිඟයක්ද නැති නම් නැවු කෘතීම එකක්ද යන ප්‍රශ්ණය මතුවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.