පෝට් සිටි පාරිසරික හානිය ගැන මෛති‍්‍ර නොදැන සිටියාද?

port-cityපෝට් සිටි හෙවත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් කොළඹ නගරය අවධානමකට ලක්ව ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. එම ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර පැහැදිළි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොමැති බැවින් එවැනි අවධානමක් මතුව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

“ආචාර්ය කරුණාරත්න කියන ඉංජිනේරුව කියනව මේ පෝට් සිටි එක නිසා කොළඹ නගරය ගිලා බැසිය හැකි බව. අපි ඉන්න තැනුන් සමහර වෙලාවට හෙල්ලිලා යනව. කොළඹ නගරය ගිලා බැසීමේ අනතුරකයි තියෙන්නේ අනාගතයේදී”

පඬුවස්නුවර ප‍්‍රදේශයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා චීනයට ගිය අතර අවශ්‍යතාවක් තිබුනේ නම් මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට ඉඩ තිබින.එසේ නොකොට මැතිවරණයක් පැවැත්වෙන තුරු සිටීමෙන් ජනාධිපතිවරයා තම වගකීම් පැහැර හැර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.