පෝය සහ ඉරිදා ටියුෂන් තහනමට ගුරු විරෝධය

Wijeyadasa Rajapaksheපෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරමින් සිටින අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂට ගුරුවරුන් ගෙන් විරෝධය එල්ල වෙමින් පවතී.

ස්වයං රැකියාවක යෙදෙන තමන්ගේ රැකියාවට අවහිර කිරීමේ අයිතියක් කාටවත්නැති බවත් ,මීට කලකට පෙර ටියුෂන් ගුරුවරයෙකු සේ කටයුතු කළ විජයදාස රාජපක්‍ෂ තේරුම් ගත යුතු බව මාතර සිට lankanewsline ඇමතු සිංහල ටියුෂන් ගුරුවරයෙකු වූ නන්දෝරිස් විතානගේ පසීය.

මෙම යෝජිත පනත සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡා මොනවාදැයි දැනගැනීමට කාන්ති බව විතානගේ පැවසීය.

ළමුන් ටියුෂන් යන දවස් මොනවාදැයි තීරණය කිරීම දෙමාපියන් ගේ කාර්යක් බවත් ඊට ඇඟිලි ගැසීමට විජයදාස රාජපක්‍ෂ මහතාට අයිතියක් නැති බව නිර්නාමිකව වලස්මුල්ලේ සිට කතා කළ තවත් ගුරුවරයෙක් පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.