පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීම අත්‍යවශ්‍යයි – බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය

isuraජාතික අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරන මුදලට වඩා වැඩි මුදලක්‌ මෙරට සිසු දරුවන් විදේශ අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වැය කරනවා යෑයි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (27 දා) පැවැසීය. ඇතැම් දරුවන් වර්ෂයකට විදෙස්‌ විශ්විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ලක්‍ෂ 200, 300 වැය කරන බවත් එම මුදල රටේ ඉතිරිකර ගැනීමට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීම අත්‍යවශ්‍ය බවත් මහා ඇමැතිවරයා කියා සිටියේ ඊයේ (27 දා) මහ ඇමැති ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද කීය.

සයිටම් විරෝධී සටනේ ඉදිරියෙන්ම සිටින ලහිරු විරසේකර එන්නේ ප්‍රඩෝ ජීප් රථයෙන්. මේ වගේ වාහනයකින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ හෝ එක්‌සත් ජාතික පක්‍ෂ සාමාජිකයෙක්‌ එනවා නම් යම් ආකාරයකට හිතාගන්න අපහසුවන එකක්‌ නැහැ. නමුත් ලහිරු වීරසේකර වැනි අයෙක්‌ සුඛෝපභෝගී වාහනයකින් එන්නේ කොහොමද මේ අයට මේ වාහනය අරන්දීලා තියෙන්නේ කවුද? කවුද මේ පිටුපස ඉන්නේ කියලා බලන්න ඕන.

මේ රටේ සුපිරි පංතියේ බොහෝ අයගේ දරුවෝ සාමාන්‍ය පෙළ උසස්‌ පෙළ සමත් වුණාම උසස්‌ අධ්‍යාපනය ලබාගන්න විදෙස්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. මේ අයට රටේම විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කරලා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්‌ථාව ලබාදුන්නොත් විදෙස්‌ විනිමය විශාල ප්‍රමාණයක්‌ ඉතිරි කරගන්න පුළුවන්.

දැන් ඉන්න මම ඇතුළු බොහෝ දේශපාලනඥයන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසල්වල නැත්නම් කොළඹ සුපිරි පාසල්වල. මේවායේ ඉගෙන ගන්න දරුවෝ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ලක්‍ෂ 300 ක්‌ විතර වියදම් කරලා විදෙස්‌ගත වෙලා උපාධි ලබා ගන්නවා.

සිංගප්පුරුව දියුණු කළේ ජනතා විමුක්‌ති පෙරණයි. එදා වැඩවර්ජන කරලා වරායවල් වැහුවා නැව් ටික සිංගප්පූරුවට ගියා. අද අපේ රටේ පිරිමි ටික දේශපාලනඥයන්ගේ වොයිෂ් කට්‌ බලනවා. අම්මලා රියලිටි වැටසටහන් බලනවා. ඕක තමයි රටේ වෙලා තියෙන්නේ.

දැන් ඉන්න වෛද්‍ය සභාවේ ඇතැම් වෛද්‍යවරුන්, ශිෂ්‍යයන්ට දැන්වෙලා තියෙන්නේ ආයුද අතට ගන්න විතරයි කියලා තියෙනවා. ඉස්‌සර ඒ වගේ ප්‍රකාශයක්‌ කළානම් එක කෝල් එකයි. මේ ප්‍රකාශ කරන අය විදෙස්‌ විශ්වවිද්‍යාලවලට සිසුන් යවන කොන්ත්‍රාත්කරුවන් වගේ.

(දිවයින)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.