මැතිවරණ සංශෝධන කැබිනට් රහස් හෙළිදරව් වේ

maithripala-sirisena-at-polonnaruwa

පසුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා යෝජිත නව මැතිවරණ ක‍්‍රමය සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධනය නම් වූ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එහි කේවල හා සමානුපාතික ඡන්ද ක‍්‍රමයක් භාවිතයට ගැනීමට ඇති හැකියාව පෙන්වාදී තිබිණ. මෙය දැනට මැතිවරණ ක‍්‍රමයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වන සාකච්ඡා සදහා භාවිතයට ගැනීමට සකස්කළ ලියැවිල්ලක් මිස සංශෝධිත අවසාන ලියැවිල්ල නොවන බව ජනාධිපතිවරයා කීවේය.

පහත දැක්වෙන්නේ එම කැබිනට් පති‍්‍රකාවේ සාරාංශයකි.

1 ඡන්ද කොට්ඨාශ සීමා නීර්ණය කිරීම සදහා වන කොමිසමක් පිහිටුවීමට අවශ්‍ය නෛතික පරිසරය සැකසීම.

2 පාර්ලිමෙන්තුවේ සාමාජික සංඛ්‍යාව 255 දක්වා වැඩි කර වැඩි ජනතා නියෝජනයකට ඉඩ ලබා දීම.

3 සීමා නීර්ණය පිළිඹද කමිටුවේ උපදෙස් ප‍්‍රකාරව දිවයින ඡන්ද දිස්ති‍්‍රක්කයන් 20 – 25 අතර ප‍්‍රමාණයකට බෙදීම. එම එක් ඡන්ද දිස්ති‍්‍රක්කයක ඡන්ද කොට්ඨාශ 3 කට නොඅඩු 16 කට නොවැඩි ප‍්‍රමාණයක් ඇතිකිරීම.

4 භූවි ෂමතා ලක්ෂණ ජන වර්ගය අත්කරගෙන ඇති සංවර්ධනය සංස්කෘතිකමය ලක්ෂණ හා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවඡුන්ද කොට්ඨාශ ඇතිකිරීමේදී සළකා බැලිය යුතු කරුණුය.

5 නියෝජිතයින් එක් අයෙකුට වඩා සිටින ඡුන්ද කොට්ඨාශයන් මෙන්ම එක් නියෝජිතයෙකු සිටින ඡන්ද කොට්ඨාශයන්ද ඇති කෙරෙනු ඇත. පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් 165 දෙනෙක් පත්කර ගැනෙන්නේ මෙම ඡන්ද කොට්ඨාශ වර්ග දෙකම ආවරණය වන පරිදිය.

6 පාර්ලිමෙන්තුවේ දැනට සිටින මන්තී‍්‍රවරුන් 196 දෙනා ඇතිකෙරුනු ඡුන්ද කොට්ඨාශ නියෝජනය කරන පරදි සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ බෙදෙනු ඇත.

7 නාමයෝජනා භාරදෙන විට කිසියම් මැතිවරණ දිස්ති‍්‍රක්කයක් සදහා සමානුපාතික ක‍්‍රමය යටතේ ලබාදිය හැකි උපරිම නම් සංඛ්‍යාවට තවත් තුනක් එකතු කිරීමෙන් ලැබෙන අගයට සමාන අගයක නාමයෝජනා ප‍්‍රමාණයක් භාරදිය යුතුය .නාමයෝජනාවල නම් සදහන් පුද්ගලයින් කවර ඡන්ද කොට්ඨාශය නියෝජනය කරන්නේ දැයි සදහන් කළ යුතුය.

8 එක් මැතිවරණ දිස්ති‍්‍රක්කයකින් පක්ෂයෙන් පත්විය යුතු නියෝජිතයින් සංඛ්‍යාවත් හිමිවන බෝනස් ආසනයන්ට පත්කළ යුත්තේ කවුරුන්ද යන්නත් තීරණය කිරීමේ අයිතිය ප‍්‍රකාශිත ඡන්ද වලින් සියයට 5 කට වඩා ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකරගන්නා පක්ෂ වලට හා ස්වාධීන කණ්ඩායම් වලට හිමිය.

9 කිසියම් ඡන්ද කොට්ඨාශයක සාර්ථක ලෙස තරග වැදුනු නියෝජිතයෙකු වේ නම් (නියෝජිතයින් එකකට වඩා වැඩි පිරිසක් සිටින ඡන්ද කොට්ඨාශයක නම් නියෝජිතයින් 2 ක් හෝ  3 ක්)  ඔහුව හෝ ඇයව එම ඡන්ද කොට්ඨාශයේ නියෝජනය ලෙස තෝරාගත යුතුය.

10 කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමකට සමානුපාතික ක‍්‍රමය යටතේ ඔවුන්ට හිමි ආසන සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාවක් දිනා ගත් අවස්ථාවක් වේ නම් එම අවස්ථා පිරවීම සදහා අදාළ ඡුන්ද කොට්ඨාශ වලට තරග කර ඔවුනොවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවන් අනුව වැඩි අගයේ සිට අඩු අගය දක්වා එම පක්ෂයේ නියෝජිතයින් පෙළ ගස්වා එතැනින් වැඩිම ඡන්ද ගණනක් ලබාගෙන ඇති නියෝජිතයින් එම අවස්ථා සැපිරීම සදහා තෝරාගැනීමට පක්ෂයට හැකියාව ලැබේ.

11 යම් අවස්ථාවකදී පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමානුපාති ක‍්‍රමය යටතේ නිර්දේශිත නියෝජිතයින් සංඛ්‍යාවට වඩා නියෝජිතයින් සංඛ්‍යාවක් පාර්ලිමෙන්තුවට පත්කිරීමේ හැකියාවක් ඇතිවුවහොත් එම සාමාජිකයින් ජාතික ලැයිස්තුව මාර්ගයෙන් පාර්ලිමේන්තුවට පත්කරගත හැකිය.ජාතික ලැයිස්තුවේ මන්තී‍්‍රධූරයන් සංඛ්‍යාව 59 කි.

12 ඡන්ද කොට්ඨාශයක පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවක එම පුරප්පාඩුව පිරවීම සදහා ඡන්ද විමසීමක් සිදුකළ යුතුය.

 

cartoon

අවධානයට – එවැනි පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවක පවත්වන ඡන්ද විමසීමට ඉදිරිපත්විය හැක්කේ නියමිත මනාප සංඛ්‍යාව ලබාගත නොහැකිව පරාජය වූ අපේක්ෂකයින්ට හෝ තම නම මැතිවරණ නාමයෝජනාවලියේ හෝ ජාතික ලැයිස්තු නාමාවලියේ සදහන්වූ අපේක්ෂකයින්ට පමණක් ලෙස සදහන් වන පරිදි මැතිවරණ කෙටුම්පත වෙනස්විය යුතුය.

අවධානයට 2 – 10 කොටසේ සදහන් වූ පරිදි නියෝජිතයින් තෝරාගැනීමේදී ඇතිව තිබෙන පුරප්පාඩු වලින් සියයට 50 ක් නියමිත ඡන්ද සංඛ්‍යාව ලබාගත නොහැකිව පරාජයවූ එම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන්ද අනෙක් සියයට 50 අදාළ පක්ෂයේ ලේකම්වරයා නම් කරන අපේක්ෂකයින්ගෙන්ද පිරැවෙනු ඇත.

යෝජිත මැතිවරණ ක‍්‍රමය පිළිබඳ සදහන් වන 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය දැන් පක්ෂ විපක්ෂ නායකයින්ගේ අවධානය දිනාගෙන ඇත.ජනපතිවරයා පසුගිය 22 දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් පිළිබඳ සදහන්වූ කැබිනට් පති‍්‍රකාවට මේ වන විටත් සුලූ පක්ෂ නායකයින්ගේ විරෝධය එල්ලවී තිබේ. ඔවුන් වෙනම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කර එය ජනාධිපතිවරයාට භාරදී ඇත. මේ පසුපස සිටින්නේ රවුෆ් හකීම් රිෂාද් බදුර්දීන් හා පලනි දිගම්බරම් යන තිදෙනාය.ඔවුන් තම විරෝධයන් පලකළේ ඔවුන් ම සකස් කළ 20 වැනි සංශෝධනයක් ජනපතිවරයාට භාරදුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා පැවැත්වූ සාකච්ඡාවකින් පසුව වීම විශේෂය.

සුලූ පක්ෂ වල යෝජනා වන්නේ

සියයට 50 ක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් තෝරාගත යුත්තේ කේවල ක‍්‍රමය යටතේය. ඉතිරි සියයට 50 සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ තෝරාගත හැකිය.

දිස්ති‍්‍රක් නාමයෝජනාවලියෙන් සමානුපාතික ක‍්‍රමය යටතේ තරග වදින අපේක්ෂකයින්ට සියයට 75 ක ඉඩක් වෙන්ව තිබිය යුතුය. ඉතිරිය තෝරා ගැනෙන්නේ ජාතික ලැයිස්තුවෙනි.

ඡන්ද දායකයෙකුට ඡන්ද දෙකක් හිමිය. එක් ඡන්දයක් එම ඡන්ද කොට්ඨාශයෙන් තරග වදින අපේක්ෂකයෙකු වෙනුවෙන් පලකළ හැකිය.අනෙක් ඡන්දය තමන් කැමති දේශපාලන පක්ෂය වෙනුවෙන් ලබාදිය හැකිය.මේ ඡන්ද දෙක අතර සම්බන්ධයක් නොමැත. එක් අපේක්ෂකයෙකුට එක් මනාපයක් ලබාදී අනෙක් මනාපය එම අපේක්ෂකයා අයත් නොවන වෙනත් පක්ෂයකට ලබාදීමට ඡන්ද දායකයාට හැකිය.

සාමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කවුදැයි අදාළ පක්ෂ වලින් දැනුම්දිය යුතුය. සාමානුපාතික හා කේවල ක‍්‍රමය යටතේ තරගවදින්නන් වෙන් කිරීම පක්ෂ වලට අයත් කාර්යයකි. ඡන්ද කොට්ඨාශයකින් ඉහළම මනාප ලබාගන්නා අපේක්ෂකයා ජයග‍්‍රාහකයා වේ.

ජාතික මට්ටමින් එක් එක් පක්ෂය ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව මත එම එක් පක්ෂයකට හිමිවන ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර සංඛ්‍යාව තීරණය වේ.

පක්ෂ වෙනුවෙන් පළවන සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 5 කට වැඩි ප‍්‍රතිශතයක් අත්කර ගැනීමට කිසියම් පක්ෂයක් අපොහොසත් වන්නේ නම් එම පක්ෂ පරාජිතයින් ලෙස සැළකේ.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සදහා සියලූ දේශපාලන පක්ෂ වල සහය ලබාගැනීම අභියෝගයකි. මේ හේතුවෙන් ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණ පවසමින් සිටින්නේ එළැඹෙන මැතිවණය ද පැරණි ක‍්‍රමය යටතේ පවත්වා පත්වන නව රජයට නව මැතිවරණ ක‍්‍රමයක් හදුන්වාදීමට අවැසි කාලය ලබාදිය යුතු බවයි. ඡන්ද කොට්ඨාශ සකස් කිරීමට ජනපති සිරිසේන පත්කිරීමට යන සීමා නිර්ණායක පිළිබඳ කමිටුවට එම කාර්යය ඉටු කිරීමට සැළකිය යුතු කාලයක් ගතවනු ඇත. 20 ඒ සම්මත කරගන්නා තෙක් තමන් පාර්ලිමෙන්තුව විසිරුවා නොහරින බවට ජනපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පොරොන්දුවක් ද දී තිබේ.කෙටියෙන් කිව හැක්කේ එම පොරොන්දුව ඉටු කිරීමට දිගු කලක් ගතවනු ඇති බවයි.

මෙය එක්සත් ජාතික පක්ෂය නායකත්වය දරන රජය ඉදිරියේ තබන්නේ පැනයකි. පක්ෂයේ ප‍්‍රධාන කමිටුව ගෙවී ගිය අපේ‍්‍රල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතුයැයි දැඩි මතයක සිටිය දී එසේ නොව තවත් සති කිහිපයක් ඉවසා සිටිය යුතුයැයි පැවසූයේ පක්ෂ නායකත්වයයි. මෙම අවස්ථාවේදී කුමක් කරන්නට සැරසෙන්නේදැයි සන්ඬේ ටයිම්ස් විමසූ විට රනිල් වික‍්‍රමසිංහ පවසා සිටියේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති කිරීමට එක්රැස් වූ දේශපාලන බලවේග දැන්ම බෙදී වෙන්වී නොයා යුතුව තිබෙන බවයි. මැතිවරණ ක‍්‍රමය සකස් කිරීමට තවත් කල් ගතවුනත් එතෙක් ඉවසාගෙන සිටීමට එක්සත් ජාතික පක්ෂය අදහස් කරගෙන සිටින බව මෙයින් පැහැදිලි වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.