බදු අඩුවෙයිද? වැඩි වෙයිද?

 taxදේශීය ආදායම් බදු පනත අගෝස්තු තුන් වැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට වසර තුනක් ඇතුළත ජනතාවගෙන් අය කරන වක‍්‍ර බදු 80% සිට 60% දක්වා අඩු කොට ඍජු බදු 20%සිට 40% දක්වා වැඩි කිරීම තමන්ගේ මූලික අරමුණ බව කී මංගල සමරවීර මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ නව දේශීය ආදායම් පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් සකස් කොට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට සම්මත කිරීම සඳහා ඉදිරිපත් කළ පනතක් වන බවයි.

“මෙම පනත මගින් ඉදිරිපත් කොට තිබෙන වගන්ති අයවැය මගින් ඉදිරිපත් කරන බදු සංශෝධන ඉක්මවා යන තරම් ඒවායි. මේ පනත මගින් රටටත් ජනතාවටත් අහිතකර බදු සංශෝධන විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කරනවා. සේවක අර්ථසාධක අරමුදල, ආයෝජනය කිරීමේදී මීට පෙර පනවා තිබූ 10% බදු අනුපාතය 14% දක්වා වැඩිකොට තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන ලක්‍ෂ 25කට අධික සේවකයින්ට ලැබිය යුතු අරමුදල් මෙම බදු වැඩිවීම හරහා කප්පාදු වෙනවා.” යැයි අනුර කුමාර දිසානායක පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.