බදු වැඩි කලාට සීනි මිලේ වෙනසක් නෑලු

රජය විසින් සීනි මත පනවන ලද තීරු ගාස්තු නිසා සීනි සිල්ලර මිල වෙනසකට භාජනය නොවන බව සීනි ආනයනකරුවන් පවසා සිටී.

තීරු බදු වැඩි කිරීමත් සමග සීනි තොග මිලෙහි සිදු වන්නේ ඉතා සුළු වශයෙන් වැඩි වීමක් නිසා එය සිල්ලර මිලට බලපෑමක් සිදු නොකරන බව ප්‍රධාන පෙලේ සීනි ආනයන කරුවන් දෙදෙනෙකු වන කිංස්ලි පල්ලියගොඩවිතාන හා කසුන් ආන්ද්‍රාහෙන්ද්‍රි යන මහත්වරුන් පවසති.

මෙම තීරු බදු වැඩි කිරීමෙන් පසු ඉදිරියේදී ආනයනය කරනු ලබන සීනි සඳහාද සිල්ලර මිලට බලපෑම් වන්නේ ඉතා සුළු වශයෙන් බව ඒ මහත්වරු පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.