බන්දුල රැස්වීමට නැහැ

bandulag

 

 

හොමාගම ප්‍රදේශයේ පැවැති දේශපාලන රැස්වීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නොපැමිණිම ගැන තමන් කණගාටුවෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවැසීය. එසේම හෝමාගම ආසනයේ දේශපාලන කටයුතු පිළිබඳව පක්ෂය නිරන්තයෙන්ම අවදානයෙන් සිටින බවත් අමාත්‍යවරයා පැවැසීය.

“හෝමාගම ආසනයේ දේශපාලන තත්ත්වය ගැන පක්ෂය නිරන්තරයෙන් ඇහැගහගෙන ඉන්නේ. ආසනයේ කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා. පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. හෝමාගම ආසනය ගැන පක්ෂය දෙන උපදෙස් අනුව  මේ අය කටයුතු කළ යුතුයි. යමක් කෙරුණොත් සිද්ද වුණානේ කියලා ඉන්න බෑ. අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මෙතනට ආපු නැති එක ගැන  කනගාටුවෙනවා. මේ ගැන අප සාකච්ඡා කළ යුතුයි. “ යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය

හදිසියේ රටින් පිටවී ඇති බව

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට හදිසියේ රටින් පිටවී ඇති බව රජයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි අදාළ අමාත්‍යවරයා වත්මන් දේශපාලන පසුබිම සම්බන්ධයෙන් කලකිරී සිටින බවටත් මත පළ කර තිබේ. එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන පරිදි අමාත්‍යවරයා මෙසේ විදේශ ගත වන්නට ඇත්තේ දේශපාලනික වශයෙන් තීන්දුවක් ගැනීමේ අරමුණින් බවත් පෙන්වා දෙයි.

කෙසේවෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හදිසි විදේශ ගමන පිළිබඳව අදහස් පළ කරමින් අමාත්‍ය කර්ය මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ අමාත්‍යවරයාට ලැබීමට නියමිත සම්මානයක් ගැනීම සඳහා මෙලෙස විදේශ ගත වී ඇති බවයි.

නමුත් එකී ලැබීමට නියමිත සම්මානය පිළිබඳව අමාත්‍ය කාර්ය මණ්ඩයල කිසිවක් නොදන්නා බවද අදාළ ප්‍රකාශයන්වලින් අනාවරණය විය.

banduala

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.