බලධාරීන්ගේ දුර්වලකම නිසා ඉන්දුනීසියානු ජනයා සුනාමියට බිලි

පසුගිය සිකුරාදා ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ හටගත් භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි තත්වයෙන් නවසීයකට ආසන්න ජනතාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇත.

මෙම අවස්ථාවේ සුනාමි අනතුරු නිකුත් විය. නමුත් විනාඩි 30 කින් පසු එහි තීව්‍රතාවය අව තක්සේරු කරමින් අනතුරු ඇගවීම ඉවත් කලේය. එනිසා ජනතාව අනාරක්ෂිත වූ බවට මේ වන විට මැසිවිලි නැගේ.
සිදුවීම මෙසේය

පසුගිය සිකුරාදා එරට වේලාවෙන් සවස හයයි තුනට ඇතිවූ රික්ටා මාපක 7.5 ක් වූ භූකම්පනයේ ප්‍රථම චලනයත් සමග ඉන්දුනීසියානු කාලගුණ භූවිද්‍යා ආයතන විසින් සුනාමි අනතුරු ඇගවූයේය. නමුත් සුනාමි නිසා පැමිණිය හැකි රළ උස මීටර් 0-5-3.0 දක්වා වේයැයි නිවේදනය කර ඇත. එසේම සුනාමි අනතුරු ඇගවීම විනාඩි 30 කින් පසු ඉවත් කලේය. විවේචකයන් පවසන්නේ අනතුරු ඇගවීම ඉවත් කිරීමෙන් පසුව පැමිණි මීටර් 6 ක් පමණ උස රළ විසින් වෙරළේ විනෝදවෙමින් සිටි සිය ගාණක් ජන ජීවිතද දේපළද මුළුමනින් විනාශ කළ බවයි.

නමුත් ඉන්දුනීසියාන් ජාතික ආපදා කළමණාකරණ ආයතනයේ ප්‍රධානී ද්විකොරිටා කානවතී මහත්මිය පවසන්නේ සියලු සුනාමි රළ අහවර වීමෙන් පසුව අනතුරු ඇගවීමේ නිවේදනය ඉවත් කළ බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.