බ්‍රිතාන්‍යය මැතිවරණයට ශ්‍රී ලාංකික නියෝජනයක්

 

මීට දශක කීපයකට පෙර බ්‍රිතාන්‍යට පැමිණි ශ්‍රී ලංකික තරුණ පෙළ රටේ මුල් තැන් ගැනීමට සුදානම්ව සිටිති.

බ්‍රහස්පතින්දා එංගලන්තයේ පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තුන්දෙනකු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් තරඟ වදිති.

ඔවුන් කේම්බ්‍රිජ් ආසනයට කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වදින චමලි ප්‍රනාන්දු, හැම්ෂයර් ආසනයට එම පක්ෂයෙන්ම තරඟ වදින රනිල් ජයවර්ධන සහ ලන්ඩනයට යාබද හැරෝ ආසනයට කම්කරු පක්ෂයෙන් තරඟ වදින උමා කුමාරන්ය.

 

 

චමලි ප්‍රනාන්දු අධිනීතිඥවරියකි. ඇය ඉපදී හැදී වැඩි ඇත්තේද කේම්බ්‍රිජ් නගරයේය. ඇයගේ පියා වන අදිනීතිඥ සුමල් ප්‍රනාන්දු මීට පෙර දෙවතාවක්ම මහා මැතිවරණයන්ට තරඟ කර ඇත්තෙකි.

හැම්ෂයර් ආසනයට තරඟ වදින රනිල් ජයවර්ධනද ජීවත්වන්නේ එම නඟරයේමය. මීට පෙර පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන නගර සභා මන්ත්‍රී වරයෙකු ලෙස සේවය කර පළපුරුද්දක් ලබා ඇති ඔහු මෙවර තරග කරන්නේ හැම්ෂයර් ආසනයේ කොන්සර්වේටිව් මන්ත්‍රී ජේම්ස් අබර්ත්නොට් මෙවර තරඟ නොකිරීමට තීරණය කිරීමෙන් පසුවය.

 

 

ගියවර මැතිවරණයේදී ජේම්ස් අබර්ත්නොට් එම ආසනය ජයගත්තේ වැඩි ඡන්ද 18,597 ලබාගනිමිනි.

 

හැරෝ ආසනයට  කම්කරු පක්ෂයෙන් තරඟ වදින්නේ ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති උමා කුමාරන්ය. ලන්ඩනයේ කුවීන් මේරි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය කලක් ලන්ඩනයේ ‘ඔරු‘ නමැති දෙමළ පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කර ඇත.

ඇය තරඟ කරන හැරෝ ආසනයේ වත්මන් කොන්සවේටිව් මන්ත්‍රී වරයා පසුගිය මැතිවරණය ජයගත්තේ වැඩි ඡන්ද 3403 කිනි.

1992 සිට 1997 දක්වා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බ්‍රේන්ඵර්ඩ් ආසනය නියෝජනය කළේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිරන්ජන් දේවාදිත්‍ය විසිනි. ඔහුද කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරයෙක් විය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.