බ්‍රිතාන්‍ය වීපක්ෂ නායකයාට සිංහල ප්‍රජාව අමතකවේ

Ed Miliband says the GMB cutting funding has made the case for reform of party - union links

බ්‍රිතාන්‍ය මහා  මැතිවරණය මැයි මස හත්වෙනිදා පැවැත්වෙන අතර අගමැති ඩේවිඩ් කැමරන් සහ විපක්ෂ නායක එද මිල්බෑන්ඩ් සුබ පැතුම් පණිවිඩ නිකුත් කොට තිබෙනවා.

අගමැති කැමරන් සිරිසේන ආණ්ඩුවට සයෝගය පළ කරන අතර එක්සත් ජාතීන් ගේ යුධ අපරාධ විමර්ශනයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව  එකඟ විය යුතු බව පෙන්වා දෙයි.

සිහල සහ දෙමල ප්‍රජාවන් බ්‍රිතාන්‍ය ආර්ථිකය නගා හිටුවීම සඳහා කරන සම්මාදම තමන් අගය කරන බවත් අගමැතිවරයා කියා සිටී.

මේ අතරවාරේ කම්කරු පක්ෂ නායකයා දෙමල ප්‍රජාව ගැන පමණක් සඳහන් කරමින් තමන් දිගටම අන්තර් ජාතික  යුධ අපරාධ විමර්ශනයක් වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටී.

කවදත් දෙමල ජනතාවගේ මිතුරෙක් වන කම්කරු පක්ෂය දිගටම දෙමළ ප්‍රජාවේ අරමුණ වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටී.

ශ්‍රී  ලංකාව වාර්ගික බෙදුම සමහන් කරගනිමින් පෙරට යාමට උත්සාහ කරන අවස්ථාවක කම්කරු පක්ෂ නායකයා දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ පටු අරමුණින්

ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්ට තිබේ.ඔහු සිංහල ප්‍රජාව අමතක කරන්නේ දෙමළ ඡන්දදායකයා පිනවීමට බව පෙනෙන්ට තිබේ.

මේ පුවත සැලවූ විට’ජාත්‍යන්තර කුමන්ත්‍රණ’නඩය පස් වනක් ප්‍රීතියෙන් පින ගොස් ‘ඕකනේ අපි කිව්වේ ,යැයි කියනු ඇත.

 

[vsw id=”/E2GkK1s2G5Q” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

දෙමළ ප්‍රජාවේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නට මට අවශ්‍යයි. අපේ රට වෙනුවෙන් දෙමළ ප්‍රජාව සෑම ආකාරයකින්ම දක්වන ලද, විශ්වාස කළ නොහැකි මට්ටමේ දායකත්වය වෙනුවෙන් ඔබට ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. කම්කරු පක්ෂය කවදත් දෙමළ ප්‍රජාවගේ මිතුරෙක් වුනා. ඉදිරියටත් එය එසේම වනු ඇති. ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් පූර්ණ හා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා අපි තව දුරටත් බලපෑම් කිරීමට කටයුතු කරනවා. එය ජනාධිපති සිරිසේන හමු වූ අවස්ථාවේ දීත් මා විසින් මතු කරනු ලැබූ දෙයක්. අපි තවදුරටත් මෙය ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරනවා. ඔබේ අරමුණ වෙනුවෙන් අපි දිගටම කතා කරනවා.’-මිල්බෑන්ඩ්

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.