බැංකු වංචා චෝදනාලත් විනිසුරු මහාධිකරණයට

aravindaබැංකු වලින් ණය ගෙන ඒවා නොගෙවා සිටීම හා අධිකරණ නිලධාරීන්ට තර්ජනය කිරීම නිසා වැඩ තහනමකට ලක්ව සිටි දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහාධිකරණ විනිසුරු ධූරයක් සඳහා අධිකරණ සේවා කොමිශම විසින් නිර්දේශ කොට ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි. මහාධිකරණ විනිසුරු ධූර සඳහා නාම යෝජනාව නීතිපතිවරයාගේද අනුමැතිය ඇතිව අධිකරණ සේවා කොමිශන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති බව වාර්තා වේ.

ඕනෑම කෙනෙකු මහාධිකරණ විනිසුරු වරයෙක් ලෙස පත් නොකර සිටීමට ජනාධිපතිවරයාට හැකිය. දිසා විනිසුරු අරවින්ද පෙරේරා රාජ්‍ය බැංකු ඇතුළුව බැංකු වලින් රුපියල් මිලියන 19ක් ණයට ගෙන ඒවා නොගෙවා පැහැර හැරීම නිසා 2012 සැප්තැම්බර් මාසයේදී වැඩ තහනමට ලක්විය. මිලියන 19ක් නොව මිලියන 16ක ණය තමන්ට ගෙවීමට ඇති බව අරවින්ද පෙරේරා පිළිගත්තේය. එහෙත් ණය තොරතුරු කාර්යාංශයේ (crib) වාර්තාව කැඳවූ අවස්ථාවේ එය අසත්‍යයක් බවත් ඔහුට මිලියන 19ක් ගෙවීමට තිබෙන බවත්ය.

මේ තත්තවය මත ඔහුගේ සේවය අත්හිටුවා චෝදනා පත‍්‍රයක් ලබාදී පරීක්ෂණ ආරම්භ විය. කෙසේ වෙතත් අරවින්ද පෙරේරා මහතා ගේ පියා ප‍්‍රබල ශී‍්‍ර ලංකා පාක්ෂිකයෙක් වූ නිසා මේ තත්ත්වයට එවකට ආණ්ඩුව දේශපාලනික වශයෙන් අමැදිහත් විය. අගවිනිසුරු ධූරයට පත් මොහාන් පීරිස් 2013 ජනවාරි මාසයේදී නැවතත් ඔහු අධිකරණයට පත් කළේය. සිය ණය අයකර ගැනීම සඳහා කටයුතු කළ බැංකු නිලධාරීන්ට ඔහු තර්ජනය කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.