බැඳුම්කරෙන් පගා ගත්, නොගත් සියළු මන්ත්‍රීවරුන් අමාරුවේ! – මරික්කාර්

S M Marikkar‘මහ බැංකු කොල්ලකාලා, පර්පේචුවල් ට්‍රේෂරීස් සමාගම ගත්තු සල්ලි වලින් පගාව ගත්ත, මන්ත්‍රීවරුන් නිසා අනිත් මන්ත්‍රීවරුන්ටත් ලොකු අපහාසයක් වෙලා තියෙනවා. එනිසා පගා ගත්ත මන්ත්‍රීවරුන්ගේ නම් හෙලි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ පක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව’ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

කොමිස් මුදල් ලබාගත් බවට අසත්‍ය චෝදනා කරමින් විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් මාධ්‍ය වාර්තාවන් තුල පලවන බවත් එමගින් නිවැරදි මන්ත්‍රීවරුන්ගේ නම් වලටද අගෞරවයක් ඇතිවෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එසේම මෙම බැදුම්කර වංචාවේ මුදල්වලින් පගා ලබා ගත් රාජ්‍ය නිලධාරීන්ගේ නම් හෙලිකිරීමෙන් අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා වෙන බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටී.

මන්ත්‍රීවරයා මේ කරුණු හෙලිකරන ලද්දේ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.