බැඳුම්කරේ සල්ලි නැවත අය කර ගැනීම දැනටමත් පටන් අරන්!

ranil-wickramasingheවිශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට (University Provident Fund ),  බැඳුම්කර විකුණා පර්පේචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන තිබූ අමතර ආදායම වන රුපියල් මිලියන 140 නැවත අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීම දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබුනේ ඊයේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විටත් පර්පේචුවල් ට්‍රෙෂරීස් සමාගම සතුව තිබූ බිලියන 11 ක මුදලට සීල් තබා ඇති බවයි.
එහිදී විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල 2014 දී රුපියල් 695,364,000 ක මුදලක් උපයා ඇති බව පෙන්වා දුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.