බැඳුම්කර කොමිසමට රනිල්

Ranil Wickramasingheබැඳුම්කර කොමිසම ඉදිරියේ ඉදිරිපත් වූ කරුණුවල දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින් කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය කාර්යාලය මේ බව ප්‍රකාශ කරන අතර ජනවාරි 08 වැනි දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීමට බැවින් රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ද, සොයා බැලීමට ද රජය හැම විටම ක්‍රියා කර ඇති බව එහි පෙන්වා දෙයි.

ඉදිරියට ද ඒ පිළිවෙතම අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ.

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමේදී හා එයට අදාළව සාක්කි විමසීමේදී අමතර කරුණු හෙළි වීම නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට සිදු වීමත් කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් නිසා කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමට මෙලෙස බලාපොරොත්තු වන බව වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.