බැඳුම්කර ඩීල්කරුට හැමතැනම වත්කම්

samanපර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ බැඳුම්කර ඩීල් කළ මහ බැංකු නිලධාරී බී.එච්.අයි. සමන් කුමාර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටී. ඔහුට රටේ තැනින්තැන ගෙවල්,බව්සර් මෙන්ම ඉඩම් ඇති බව බැඳුම්කර කොමිසමේදී හෙළිදරව් විය. කොමිසමේ සාක්‍ෂි විභාගය අතරතුර කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ දිනවල තරු චරිතය (Star Role) සමන් කුමාර බවයි.

හරස් ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී ඔහුට නිතර පැටළුණු අතර සත්‍ය පවසන ලෙසත් අවවාද කෙරින. සාක්‍ෂි විමසීම ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා මහතා විසින් සිදුකරන ලදී.

මේ ඔහු ගේ වත්කම් ගැන හෙළිදරව් වූ තොරතුරු කීපයක්

ජෙ. අ. සො. ජ. – දැන් තමා ගෙවල් දෙකක්‌ නඩත්තු කරනවනෙ. ඒක හරිද?

සමන් කුමාර – නිහඬයි.

සභාපති – දෙකක්‌ද ඊට වැඩිද?

සමන් කුමාර – නැහැ. ප්‍රධාන වශයෙන් මගේ පවුල තමයි තියෙන්නෙ. ඊට අමතරව යම් යම් වෙලාවලදී මුදල් ලබාදීලා තියෙනවා. අර මගේ අනිත් මේ….

නීතිවේදී. – අපි ගාව විස්‌තර තියෙනවා. නටන්න එන්න එපා. දැන් තමාගේ ස්‌ථිර පදිංචිය අම්බලන්ගොඩ. එතකොට ඉඳුරුවෙත් පදිංචි වෙනවද?

සමන් කුමාර – ගොඩක්‌ වෙලාවට මම එහේ යෑවෙන්නේ නැහැ.

. නීතිවේදී – නමුත් යෑවෙනවා?

සමන් කුමාර – ඒ කියන්නෙ මම මහගෙදරට ගිහින් හම්බ වෙන්නෙ නැහැ.

නීතිවේදී. – එහෙනම් කොහෙද හම්බ වෙන්නෙ?

සමන් කුමාර – ඒ කියන්නෙ අවශ්‍ය වුණොත් එන්න කියනවා. ඒ වගේ කරනවා.

සභාපති – එතකොට තමාගේ බුලර්ස්‌ පාරේ සීගල් එපාර්ට්‌මන්ට්‌ එකේ කවුද ඉන්නේ?

සමන් කුමාර – එතන ඒ බිරිඳ ඉන්නවා.

ජෙ. අ. සො. ජ. – ඊයේ ( ජුලි 11 දා) තමා එතනටනෙ ගියේ?

සමන් කුමාර – නිහඬයි

නීතිවේදී. – ඊයේ රෑ තමා කොහේද හිටියේ?

සමන් කුමාර – ඊයේ රෑ මම ගෙදර හිටියෙ

සභාපති – ඒ එපාර්ට්‌මන්ට්‌ එක තමුන්ගෙ නමින්ද තියෙන්නේ?

සමන් කුමාර – නෑ. මගේ නමින් නෙවෙයි.

සභාපති – කාගේ නමින්ද?

සමන් කුමාර – ඒක.property

සභාපති – ඒ බිරිඳගෙ

සමන් කුමාර – ඔව්.

සභාපති – ඒක කොයි කාලෙද ගත්තේ?

සමන් කුමාර – ඒක මට මතක නෑ. ඒක එයාගෙන් අහන්න ඕන. මොකද ඒක එයා ගත්ත එකක්‌.

සභාපති – තමුන් කොච්චර කාලයක්‌ එතනට යනවද?

සමන් කුමාර – මම දැන් අවුරුදු දෙකක ඉඳන් එතනට යනවා.

සභාපති – එතකොට රත්මලානේ එපාර්ට්‌මන්ට්‌ එක?

සමන් කුමාර – රත්මලානේ එපාර්ට්‌මන්ට්‌ එකේ නම් මම හිටියේ නැහැ. ඒක යම්කිසි….. මම මේ කොමිසමට කියන්න හිටියෙ ඒ හේතු ටික. ඒ කියන්නෙ ඔය කියන බිරිඳට යම් ප්‍රශ්නයක්‌ ඇති වුණා. ඒ කියන්නෙ ඔය ළමයට යම් ප්‍රශ්නයක්‌ ඇති වුණා. ඒ ළමයා සියදිවි හානි කර ගැනීම…. ඒ වගේ මම ඇත්තටම පැහැදිලි කරනවා නම්……….

සභාපති – තමාගේ පුද්ගලික ඒව වැඩක්‌ නෑ. රත්මලානෙ එපාර්ට්‌මන්ට්‌ එකක්‌ තමුන්ට නෑ කියලනෙ කියන්නෙ.

සමන් කුමාර – ඕකෙ මගේ බැංකුවේ යාළුවෙක්‌ හිටිය අනුරාධ කියලා. මට අර ළමය කියන දේ සත්‍යතාව බලා ගන්න ඕන වුණා. මම කළේ ඒ ළමයාගේ දුරකථන අංකය මගේ නමට පොඩි කාලයකට මාරු කර ගත්තා. මාරු කරගෙන ඒ ළමයා කාත් එක්‌කද කතා කරන්නෙ. මොනවද කියලා කෝල් රෙකෝඩ්ස්‌ වගේ දේවල් මම බලනවා. ඒ සඳහා තමයි ඔය කියන දුරකථන අංකය ඔය ලිපිනයට මා විසින් මාරු කර ගත්තෙ.

සභාපති – ඒ එපාර්ට්‌මන්ට්‌ එක කාගෙද?

සමන් කුමාර – ඒක බැංකුවේ සේවය කළ …..

සභාපති – අනුරාධගෙද?

සමන් කුමාර – අනුරාධගෙ. ඒ කියන්නෙ එයාට අයිතිද කියල මම දන්නෙ නැහැ. අනුරාධ තමයි එතන හිටියේ.

සභාපති – එයා කියනවනෙ එයාගේ කියලා?

සමන් කුමාර – මම දන්නෙ නැහැ.

ජෙ. අ. සො. ජ. – ඔය හතර වැනි ළමයගෙ උප්පැන්න සහතිකයට පියා වශයෙන් තමාගෙ නමනෙ දීලා තියෙන්නෙ?

සමන් කුමාර – මගේ නම දුන්නා.

ජෙ. අ. සො. ජ. – තමා වාහන කීයක්‌ භාවිතා කරනවද?

සමන් කුමාර – මගේ කාර් එක තියෙනවා. ඒක µsට්‌ස්‌ ජීටී ආර් එකක්‌. බිරිඳට තියනවා වෙසල් එක.

ජෙ. අ. සො. ජ. – තමාගෙ වාහන ගැන ඉස්‌සෙල්ලා බලමු. ඔබේ කාර් එක කවදද ගත්තෙ?

සමන් කුමාර – මට මතක විදිහට අවුරුදු දෙකකට හරි තුනකට හරි පෙර.

ජෙ. අ. සො. ජ. – 2015 ද?

සමන් කුමාර – 2015 වෙන්න ඇති.

ජෙ. අ. සො. ජ. – තමා ඒ වාහනය පුද්ගලිකව භාවිතා කරනවද?

සමන් කුමාර – ඔව්.

ශ්‍රේරෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන (සාමාජික)- තක්‍ෂිලා කුමාරිට සුසුකි වාහනය ගන්න ගැරන්ට්‌ එක තමානේ දුන්නේ.

සමන් කුමාර- ඔව්.

විනිසුරු ජයවර්ධන- දැන් තමාට, බිරිඳට, තක්‍ෂිලා කුමාරිට වාහනය බැගින් වාහන තුනක්‌ තියෙනව. ඊට අමතරව තියෙන වාහන මොනවාද? ඇත්ත කියන්න අපි දන්නව කරුණු?

සමන් කුමාර- වෙන කිසිම වාහනයක්‌ නෑ.

විනිසුරු ජයවර්ධන- බවුසර් නැද්ද?

සමන් කුමාර- ඒව තියෙනව. ඒව තියෙන්නෙ කම්පැනිවලට. මගේ කම්පැනියටයි අනිත් එක බිරිඳටයි.land

විනිසුරු ජයවර්ධන- දැන් ඔක්‌මාර්ට්‌ ටේ්‍රඩිං කම්පැනිය තියෙනවනෙ. එක අයිතිකරු තමානේ?

සමන් කුමාර- ඒකේ සියයට 51 ක්‌ මට අයිතියි. සියයට 49 ක්‌ බිරිඳට අයිතියි.

විනිසුරු ජයවර්ධන- කවුද ඒකෙ අධ්‍යක්‍ෂවරු.?

සමන් කුමාර- අධ්‍යක්‍ෂවරු ඉන්නේ මගේ බිරිඳයි, මගේ මල්ලියි.

විනිසුරු ජයවර්ධන- එතකොට කන්ටි්‍ර කිචන් එකේ ඉන්නේ තමන්ගෙ බිරිඳ, මල්ලි සහ නෑදැයෝනේ?

සමන් කුමාර- කන්ටි්‍ර කිචන් කියන්නේ මගෙ තාත්තගෙ ව්‍යාපාරය. ඒකෙ මගෙ අම්මා ඉන්නව…

විනිසුරු ජයවර්ධන- ඒකෙත් ඉන්නේ තමාගේ පවුලේ අය. තමා තමයි ඒකත් පාලනය කරන්නේ?

සමන් කුමාර- මම පාලනය කරන්නේ නෑ. ඒක මල්ලි අම්මල ඔක්‌කොම එක්‌ක තමයි ගොඩක්‌ තීරණ ගන්නේ.

විනිසුරු ජයවර්ධන- තමාට අවාද කරනව ඇත්ත කියන්න කියල. කවුද ඒක ප්‍රායෝගිකව පාලනය කරන්නේ?

සමන් කුමාර- නෑ. මම පාලනය කරන්නේ නෑ. මම හැබැයි සහාය ලබා දෙනවා.

විනිසුරු ජයවර්ධන- තමාගේ මල්ලි මොනවද කරන්නේ?

සමන් කුමාර- ව්‍යාපාරයක ප්‍රධාන බදු උපදේශක විදිහට වැඩ කරනවා.

සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි – තමාට ලොකු ජීප් එකක්‌ තිබුණානේ කලු පාට?

සමන් කුමාර- මට එහෙම ජීප් එකක්‌ තිබුණේ නෑ.

සභාපති- ඒක හරිද? ස්‌ථිරද?

සමන් කුමාර- නෑ. එහෙම තිබුණේ නෑ.

විනිසුරු ජයවර්ධන- තමාගේ ගේ ඉස්‌සරහ බව්සර් දෙකක්‌ පාක්‌ කරල තියෙනවනෙ.?

සභාපති- බිරිඳගේ ගේ ළඟ?

සමන් කුමාර- ඔව්. බිරිඳගේ නමට එක බව්සරයක්‌ තියෙනව. කම්පැනියේ නමට තව බවුසරයක්‌ තියෙනව.

සභාපති- බව්සර් දෙක ගත්තේ කොයි කාලේද?

සමන් කුමාර- එකක්‌ ගත්තෙ 2015 දී විතර සම්පත් බැංකුවේ ලීස්‌ කරල. අනිත් එක මේ ළඟදී ගත්තේ. එකත් සම්පත් බැංකුවෙ ලීස්‌ කරල අරන් තියෙන්නේ.

විනිසුරු ජයවර්ධන- ඒ බව්සර් දෙක දැනට හැටන් දුවනවද?

සමන් කුමාර- නෑ. ඒ බව්සර් දෙක සංස්‌ථාවෙ ප්‍රවාහනයට තමයි යොදවල තියෙන්නේ.

සභාපති- ඒව පාවිච්චි වෙනවද?

සමන් කුමාර- ඔව්. ඔව්.

සභාපති- පසුගිය දවස්‌වල.

සමන් කුමාර- එක බව්සරයක්‌ හැමදාම යනව. අනිත් බව්සරය ළඟදී මිලදී ගත්තෙ.

සභාපති- ඒ බව්සරය ඊයේ උදේ වෙනකම් තිබුණ. අද නෑ එතන?

සමන් කුමාර- ඒක සංස්‌ථාවෙ. සංස්‌ථාවට ඉන්ධන පුරවන්න සහතික තත්ත්වෙ තියනවද බලන්න ඒක යවල තියෙනවා. ඒක මාසයක්‌ විතර වෙනව අරගෙන. ඒක වෙන කෙනෙකුගෙන් මිලදී ගත්ත බව්සරයක්‌.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුලද ලිවේරා- දැන් තමාටයි තමාගේ බිරිඳටයි වාහන එක ගානේ. අනියම් බිරිඳට තව වාහනයක්‌ එතකොට වාහන තුනයි. මව වාහනයක්‌ භාවිතා කරනවද?

සමන් කුමාර- නෑ. මගේ නංගි ඉන්නවනෙ. නංගිට වාහනයක්‌ තියෙනව. අම්ම භාවිතා කරන්නේ ඒ වාහනය තමයි.

ඡේ.අ.සො. ජනරාල්- ළමයි තුන් දෙනාට වෙනම වාහනයක්‌ තියෙනවද?

සමන් කුමාර- ළමයින්ට වාහන නෑ.

ඡේ.අ.සො. ජනරාල්- ළමයින්ගේ නමින් වාහන ලියාපදිංචි වෙලා තියෙනවද?

සමන් කුමාර- නෑ.

ඡේ.අ.සො. ජනරාල්- තමාගේ සහෝදරය කොහෙද ඉන්නේ?

සමන් කුමාර- ගාල්ලේ කරාපිටියේ. සහෝදරිය අම්ම එක්‌ක මහගෙදර ඉන්නව.

සභාපති- තමුන්ගෙ මහගෙදර? ඔය ඇත්තද කියන්නේ?

සමන් කුමාර- ඔව්. 413, මහවීදිය, අම්බලන්ගොඩ ඉන්නේ.

සභාපති- එතන දැන් ව්‍යාපාරයක්‌ නෑ නේ?

සමන් කුමාර- නෑ. එතන දැනට කරගෙන යනව “සිරිකත” කියල අපි තමයි ලංකාවේම…

ඡේ.අ..සො. ජනරාල්- තමුන්ගෙ මව සීනි බෝල ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනව?

සමන් කුමාර- ඔව්.

ඡේ.අ.සො. ජනරාල්- කොහෙද පවත්වාගෙන යන්නේ?

සමන් කුමාර- මහවීදිය අම්බලන්ගොඩ.

සභාපති- දැනටත් පවත්වාගෙන යනවද? කොච්චරද පිරිවැටුම?

සමන් කුමාර- ඒකෙ පිරිවැටුම නම් මම දන්නෙ නෑ. ඒක අම්මම තමයි කරන්නේ.

සභාපති- තමුන් දිනපතා අම්බලන්ගොඩ යනවනෙ. ඒ ව්‍යාපාරයේ පිරිවැටුම දන්නෙ නැද්ද?

සමන් කුමාර- මම ඇත්තටම අහල නෑ. මොකද ඒක අම්මයි නංගියි දෙන්න කරන නිසා.

සභාපති- තමුන් කියන්නෙ එතන ව්‍යාපාරයක්‌ තියනව ඒක වහල නෑ කියල. සාර්ථක ව්‍යාපාරයක්‌ එතන තියෙනවද?.

සමන් කුමාර- නෑ. සාර්ථකව නෑ. අපේ තාත්ත කරපු මට්‌ටමට කරන්නෙ නෑ. අපි විතරයි දැනට ලංකාවෙම හදන්නේ. ඒකට කියන්නේ හූනු බිජු කියල. ඒ ව්‍යාපාරය සාමාන්‍ය මට්‌ටමෙන් කරගෙන යනව.

ඡේ.අ.සො. ජනරාල්- තමුන්ගෙ පියා රස කැවිලි බයිසිකලයේ තියාගෙන ගිහින් ව්‍යාපාරයක්‌ කරානේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ. තමාගේ මව කුඩා සීනි බෝල ව්‍යාපාරයක්‌ කරනව. ඒක හරිද?

සමන් කුමාර- ඔව්.

ඡේ.අ.සො. ජනරාල්- ළමයින්ගේ නමින් ගෙවල් එහෙම තියෙනවද?

සමන් කුමාර- ළමයින්ගෙ නමින් ගෙවල් නෑ. බිරිඳගේ නමින් පානදුරේ පර්චස්‌ 18 ක ඉඩමක්‌ තියෙනව.

සභාපති- පානදුරේ ඉඩම ගත්තෙ කවදද?

සමන් කුමාර- 2012 දී වගේ. මට හරියටම වර්ෂය මතක නෑ.

විනිසුරු ජයවර්ධන- බිරිඳට පානදුරේ ඉඩම හැර වෙනත් ඉඩම් තියෙනවද? ප්‍රවේශමෙන් උත්තර දෙන්න.

සමන් කුමාර- තව බිරිඳට බද්දෙගම ඉඩමක්‌ අම්මල දීල තියෙනවද කියල මම දන්නෙ නෑ. තියෙන්න පුළුවන්.

විනිසුරු ජයවර්ධන- තමාගේ සහ බිරිඳගේ නමින් තියෙන නිශ්චල දේපළ, ඉඩම් ලැයිස්‌තුවක්‌ අපට දැං කියන්න. ඒව ලේසියෙන් අමතක වන ඒව නෙවෙයි.?

සමන් කුමාර- මං ස්‌වාමිනී හෙට හරි දුන්නොත්.

විනිසුරු ජයවර්ධන- හෙට බෑ. දැං කියන්න?

සමන් කුමාර- ඒ පිළිබඳව දෙන්න…

සභාපති- තමන්ගෙ නමට තියෙන ඉඩම් ගැන දන්නෙ නැද්ද? ඔච්චර ඉඩම් තියෙනවද?

සමන් කුමාර- නෑ. එහෙම නෙමෙයි. බිරිඳට ඉඩම ඒ පවුලෙන් දුන්නද නැද්ද කියල. මම දන්නෙ නෑ.

සභාපති- ඒක පැත්තක තියන්න.?

සමන් කුමාර- මම මැදිහත්වෙලා බිරිඳගෙ නමින් ගත් ඉඩමකට තියෙන්නෙ පානදුර ඉඩම පමණයි. ඒක පර්චස්‌ 18.

ඡේ.අ.සො. ජනරාල්- ඒ ඉඩම තියෙන්නෙ පානදුර බාලිකා විදුහල පිටුපස්‌සේ?

සමන් කුමාර- ඔව්.

සභාපති- හන්දියෙනෙ. බස්‌ ස්‌ටෑන්ඩ් එකට පේනවනෙ?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!